2017 මාර්තු 11 වන සෙනසුරාදා

පව් සිද්ධවෙන ඇමැතිකම් එපා

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 448

කැබිනට් කුට්ටම අනන්න යනවය කියන කතාව ගැන දැන් හැමෝම උනන්දුයි. ඒත් සමහර අයගෙ කැමැත්ත තමන් දරන විෂය වෙනුවට ඊට වඩා හොඳ සබ්ජෙක්ට් එකක් ලබාගන්නයි...

පහුගියදාක රුහුණෙන් ඇවිත් මහ ලේකම්කමකුත් දරන ධීවරතුමාට පළාතෙ හාමුදුරුවරු ඔය රස්සාව අතෑරලා පව්සිද්ධ නොවන එකක් ලබාගන්න කියලා අවවාද කරලා...

ඊටපස්සෙ ආණ්ඩුවෙ ඉහළ තැන්වලට ධීවරතුමා මේ ඉල්ලීම ඉදිරිපත් කළා... දෙපැත්තෙම ලොකු ලොක්කො මහ ලේකම් තැනගෙ ඉල්ලීම සලකලා එහෙනම් දැන් ප්‍රශ්න ගොඩක් තියන වරාය පැත්ත බලන්න කැමැති නැද්ද අහලා... ඒ යෝජනාව ආපු ගමන් උන්නැහේට මතක් වුණේ මාගම්පුර වරායලු... ඒ ගමන අනේ අපොයි ඒකනම් එපා කීවා කියලා ආරංචියි...

ඊළඟට තමන්ගේ කැමැත්ත ඇහුවලු. දෙන්න පුළුවන්නම් මහාමාර්ගෙ වුණත් කමක් නැහැ කියලා ධීවරතුමාගෙන් උත්තර ලැබුණලු... හැබැයි ඒකට තවමත් පිළිතුරක් නම් හම්බුවෙලා නැහැ කියනවා.

ධීවරතුමා වරාය පැත්ත බලන්න බැහැ කිව්වට ඒක ඩැහැගන්න දැනට අලි පාටියෙම තුන්කොන් සටනක් පටන් අරන්ලු.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00