2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

නිහඬයිලු

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1002

පොහොට්ටු පක්ෂයේ ප්‍රබල චරිතයක් මේ දවස්වල දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්න පටන් අරන් කියල තතු දත් අය කියනව.

උන්නැහේ පොහොට්ටුවෙ එක්තරා හවුල්කාර පක්ෂයක ලොක්කෙක් වගේම ජ්‍යෙෂ්ඨම දියවන්නා කවුන්සිල් මැම්බර්තුමෙක්....

සති ගණනකින් ප්‍රසිද්ධ වේදිකාවෙ උන්නැහේ කතා කරනව කවුරුවත් දැකල නැතිලු... ඒත් ඉතින් මේ නිහඬ බවට හේතුව මොකද්ද කියල කාටවත් කියලත් නැහැල්ලු.

ඒත් ආරංචි මාර්ග කියන්නෙ රටේ දේශපාලන පවුලකින් පැවත එන මේ නායකතුමාගෙ පවුලෙ කෙනෙක් උන්නැහෙත් රටේ ඉහළම පුටුවකට පත් කරන්න ගත්ත උත්සාහය පලනොදැරීම නිසා තරමක් කනස්සල්ලෙන් ඉන්න බවයි.

කොහොම නමුත් සති ගණනක් නිහඬව හිටපු මුන්නැහේ තමන්ගේ පක්ෂයේ අයගෙ අනුමැතිය මහ පුටු සටනෙ පොහාට්ටු අපේක්ෂකයට සහය දෙන්න එක්තරා හමුවක් අවසාන මොහොතෙ කැඳෙව්ව බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00