2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

මන්තිරිතුමියට ආ හදිසි ඇමතුම!

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1170

අලි පාටියෙ දෙවැනියාට මහ පුටු සටනෙ අපේක්ෂකකම ගන්න මංගල උන්නැහේලගෙ ගෙදර මැති ඇමැතිගොල්ලන්ගෙ සුහද හමුවක් තිබ්බලු...

මේ හමුවට එන්න පොරොන්දු වූ අය අතරින් අලි පාටියෙ එක්තරා මන්තිරිතුමියක් ඉතාම උනන්දුවෙන් නියම වෙලාවට එන බව කලින්ම කිව්ව....

එයා බස්නාහිර පළාත නියෝජනේ කරන දේශපාලන පවුලක මන්තිරිතුමියක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඔන්න මන්තිරිතුමිය කිව්ව විදියට සුහද හමුවට එමින් සිටිය. ඒ වෙලාවෙ එයාගෙ ජංගම දුරකතනයට විශේෂ කෙනෙකුගෙන් ඇමතුමක් ආව... ඇමතුම දුන්නෙ අලි පාටියෙ ඉහළම පුටුවක ඉන්න කෙනෙක්ලු....

මේ ඇමතුමට උත්තර දුන්න මන්තිරිතුමිය මංගලගෙ සාදයෙ හිටිය ඇමැති භවතෙකුට කතා කරල කිව්ව.... දැන් මට පක්ෂයෙ අහවලා කතා කළා... මම විනාඩි 10කට අහවල් මැඳුරට ගිහිල්ල ටක් ගාල එනව කියල....

එහෙම කියල ඇමතුම විසන්ධි කරපු මේ කටකාර හැඩකාර මන්තිරිතුමිය අර කිව්ව මැඳුරට ගියාලු.... ඒත් ඊට පස්සේ එයා තමන්ගෙ ජංගම දුරකතනය නිවා දමල නිහඬ වුණා කියල ආරංචියි....

පස්සේ සාදයට එනවය කියපු මන්තිරි නෝන ආවෙ නැති එක ගැන සොයල බලනකොට එයා තමන්ගෙ ගෙදර ඉන්න බව දැනගන්න ලැබුණලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00