2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කතා නැතිලු

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 1121

පසුගිය දවසක රටේ ලොකු මහත්තයා මේ රටේ ප්‍රබල ව්‍යාපාරික භවතෙකුගෙ පුතාගෙ මඟුල් උත්සවයට සහභාගීවෙන්න ප්‍රධාන පෙළේ හෝටලයකට ගියා.

උන්නැහේ මංගල සභාවට ආවම අසුන් ගන්න ආසන පනවලා තිබුණෙ තවත් දේශපාලනඥයන් ගණනාවක් අසුන් ගෙන හිටපු මේසයකයි.

සාමාන්‍යයෙන් රටේ ප්‍රබලයා එතෙන්ට පැමිණියාම එතන හිටපු හැමෝම වගේ උන්නැහේ එන්න කතා කරන්න ඉදිරිපත් වුණා. ඒත් එතන අසුන්ගෙන හිටපු දේශපාලනඥයන් දෙන්නෙක් ලොකු මහත්තය එක්ක වචනයක්වත් කතා කළේ නැතිලු.

එයින් එක්කෙනෙක් කොළඹ දිසාව නියෝජනේ කරන අත පාටියේ ඉහළම ලේකම් පදවි ආදිය දැරෑ කෙනෙක්. එයා මේ ලොකු මහත්තයා යටතේ අවුරුදු දෙකතුනක් කැබිනට්ටුවෙත් හිටියා.. රත්වුණ දේශපාලනේ සිසිල් කරගන්න දන්න මුන්නැහේට අමතරව හිටපු ඇමැති කෙනෙක් මෙන්ම පොහොට්ටුවෙ ඉහළම පදවියක් දරන ආචාර්ය මට්ටමේ කෙනෙකුගේ රටේ ලොකු මහත්තයා එන්න කතා කළේ නැහැ..

උන්නැහේට ගිය ඡන්දෙන් ජාතික ලැයිස්තුව හරහා කවුන්සිලේට එන්න තිබුණ පාර අවහිර කළේ අතපාටිය නිසා එයා දැන් ඉන්න ඉහළ තැන් එක්ක සුහදතාවකින් නෙවෙයි කියලයි ආරංචිය. 

මේ දෙන්නා රටේ ලොකු මහත්තයට දක්වපු ප්‍රතිචාරෙ එතන හිටපු හැමෝම දැක්කත් කවුරැවත් ඊට හේතු අහන්න ගියේ නැහැල්ලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00