2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

දෝෂ භංග කිරීම

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 666

අලි පාටියෙ හටගෙන තිබෙන ආරවුල සමථයකට පත්කරන්න පක්ෂයෙ ඉතාමත් ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන කෙනෙක් නායකතුමා ඇතුළු පිරිසකට යෝජනාවක් ඉදිරිපත් කළාලු.

උන්නැහේ දේශපාලනයේ විතරක් නෙවෙයි ආගම ධර්මය ජ්‍යොතිෂය අරව මේව ගැනත් දන්න කියන කෙනෙක්ලු.

උන්නැහේගෙ මනසෙ හැටියට අලි පාටියෙ ආරවුලට ඇත්ත හේතුව පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ තිබෙන වාස්තු දෝෂයක්ලු.. ඒ වාස්තු දෝෂය තිබෙන තාක්කල් මේ විදිහෙ අභ්‍යන්තර අරගල පවතින්න පුළුවන්ය කියන එකයි ජ්‍යෙෂ්ඨයගෙ අදහස වුණේ ඒකට විසඳුම හැටියට රටේ ඉන්න ඉහළම පෙළේ වාස්තු විද්‍යාඥයන් ගෙනල්ල සිරිකොතේ වාස්තු දෝෂ භංගකරන්න කියන එකයි ජ්‍යෙෂ්ඨය ඉහළ තැන්වලට යෝජනා කළේ.

පක්ෂයේ ලොකු මහත්තය ඇතුළු කිහිපදෙනෙක් මේ කතාව අහගෙන ඉඳලා යෝජනාව කළ ජ්‍යෙෂ්ඨයට අපූරු උත්තරයක් දුන්නලු.. 

මිස්ටර්.. සිරිකොත වාස්තු දෝෂ භංගකරන්න කළින් කරන්න ඕන අහවලාගෙ ගෙදර (පක්ෂ ජ්‍යෙෂ්ඨයකුගේ නමක් කියයි) වාස්තු දෝෂ භංගකරන එකයි. මොකද එයා මේ සේරම කරන්නෙ එයාලාගේ ගෙදර ඉඳගෙනනේ.. ඉස්සෙල්ල එතන දෝෂ භංගකරල එනවා. ඊට පස්සෙ මෙහේ බලමු..

පක්ෂයෙ ඉහළ මණ්ඩලෙන් මේ උත්තරය ලැබුණ ගමන් දෝෂභංග යෝජනාව ගෙනාපු උන්නැහේ සුටුස් ගාල වාෂ්ප වෙලා ගියාලු.. 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00