2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

වැඩේ කොටඋඩ යයිද?

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 540

රටේ මහතැන අතෙන් ඉල්ලන්නෙත් නෑලු. අතෙන් කෙනෙක් දාන්නෙත් නෑලු. ඒ වගේම අත පොහොට්ටුවේ තියන්නලු හදන්නේ. මේකට අතේ ඉන්න සමහරු කැමති නෑලු. මේ නිසා ඔය අතේ ඉන්න රාජපක්ෂ විරෝධී කස්ටිය පහුගිය දවසක කතා වුණාලු ලොක්කා එන්නේ නැත්තන් අපි යන්නේ නෑ පොහොට්ටුවට කියලා.

ඒ වගේම යූ.ඇන්.පී. යන්නත් බෑ කියලා කට්ටියක් කිව්වලු. එහෙනම් හැමෝටම රිදෙන්නත් එක්ක අපේක්ෂකයෙක් දාමුද කියලා කතා වුණාලු. ඒ අපේක්ෂකයා කවුද යන්න හැමෝටම ගැටලුවක්ලු.

හැබැයි දෙන්නෙක් තුන්දෙනෙක් කිව්වලු එහෙම දැම්මොත් අලියට වාසිවෙයි කියලා. හැබැයි තවත් සමහර අය නොකියා කිව්වලු එහෙම වෙන එක තමයි හොඳ කියලා. කොහොම වුණත් මධ්‍යම සභාව කැඳවලා තීරණය ගමු කියලා අන්තිමේ කතාව නතර කළාලු. ඒත් ඊට පස්සේ ලොකු තැනයි හිටපු ලොකු තැනයි සතර කන් මන්ත්‍රණයක යෙදිලා තියනවා.... ඒකෙ ප්‍රතිඵල ඉරිදට (අද) බලාගන්න පුළුවන් කියලා පොහොට්ටු කස්ටිය කියනවා.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00