2019 ජුලි 27 වන සෙනසුරාදා

පට්ටම් සටන

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 907

ජනාධිපති ඡන්දෙවත් මහ මැතිවරණයක්වත් ප්‍රකාශයට පත්වෙලා නැහැ. එහෙම වුණත් පොහොට්ටුවේ සමහරු පට්ටම්වලට සටනක් පටන් අරන් කියල ආරංචියි...

මේ ආරංචි නම් ඉතාම රසවත්. ඔන්න පසුගිය දවසක මෛත්‍රී සුවඳ විහිදෙන ඈත පළාතක තරුණ දේශපාලුතුමෙක් හිටපු ලොකු මහත්තය හම්බවුණා... මේ හමුවේදී එයා ආණ්ඩුව බලයට පත්වීම ෂුවර් බවත් කියලා... සර්... ඉතින් මට මහවැලිය ලැබෙනවනේ කියල... ඉල්ලීම ඉදිරිපත් කළා. මේ කතාව අහල හිටපු ලොකු තැන උඩ ගියේ තවම ආණ්ඩුවක සේයාවක්වත් නැතුව පට්ටම්වලට ඔට්ටුවෙන කස්ටිය ඉන්න බව පෙනිලයි...

එච්චර විතරක් නෙවේ. ගම්පහ ලොක්කෙක් එයාට කැබිනට් ඕනම කියනවලු. කළුතර ලොක්කෙක් වරාය දිහා බලන් ඉන්නවලු... මාතර ලොක්කෙක් අධ්‍යාපනේ මටයි කියනවලු... ඊටත් වඩා හපන් කතාව විදේශ ඇමැති පට්ටමලු. කොළඹ පැත්තෙ ජාතික ලැයිස්තු විද්වතෙක් ඒකට ඉව අල්ල අල්ලා ඉන්නකොට ඔන්න මහනුවරිනුත් අලුත් විදේශ ඇමැති කෙනෙක් සටනට ඇවිත් හරිම අවුලක්ලු...

ඊළඟට සටන තියෙන්නෙ මුදල් වැඩේටයි, වෙළෙඳාමටයිලු...

ඒකට මේ පාර මුල්ම වරට ඡන්දෙට එන දෙන්නෙක් සහ තවත් පැරැණි විද්වතෙක් බලන් ඉන්නවලු... මුන්නැහේලත් ගම්පහ සහ කොළඹින්ලු එන්න යන්නෙ. හැබැයි අලුත් අයට නම් වාසනාව දුරයි වගේ පේන්නේ.... ඒ අවුඅස්සෙ ඡන්ද සටන ජයග්‍රහණය ගැන විතරක් හිතන ලැබෙන දේකින් සතුටු වෙන්න ප්‍රාර්ථනා කරන තුන් හතර දෙනෙක් සිටීම නම් සතුටට කරුණක්...

කොහොම නමුත් කාරණා කාරණා යෙදෙන විදියට දැන් ඔය යට සඳහන් පට්ටම්වලට ඇඳල ඉන්න උදවියට නම් ඒවම ලැබෙන බවක් අපට නම් ආරංචි නැහැ....

නමුත් ඒ ගැන අවශ්‍ය සැලසුම ඉහළම පෙළේ දෙතුන් දෙනෙක් අපි නොසිතන තැනක ඉඳන් හදනව කියල පොහොට්ටුවෙ තතු දත් අය කියනවා....

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00