2019 ජුලි 06 වන සෙනසුරාදා

දෝස් මුරයක්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 874

අලි පාටියෙ ජ්‍යෙෂ්ඨම ඇමැතිතුමෙක් පසුගියදා රටේ ලොකු මහත්තයා හම්බුවෙන්න මහ මැඳුරට ගියේ විශේෂ ආගමික නියෝජිත පිරිසකුත් එක්කයි...

සාමාන්‍ය පරිදි ආගමික නියෝජිතයොත් එක්ක කතාබහ කරලා ඒ අයට හොඳ පිළිගැනීමක් දුන්න ලොකු මහත්තය අපේ ඇමැතිතුමාට පැත්තකට කතා කළේ පෞද්ගලික කතාවකට...

එහෙම කතා කරලා කරපු සතරකන් මන්ත්‍රණේදි ලොකු මහත්තයා කතා කළේ පාස්කු බෝම්බ කේස් එක ගැන හොයන්න දියවන්නා කවුන්සිලෙන් පත් කරපු විශේෂ සභාව ගැනයි...

ඒ සභාව තමන් ඉලක්ක කරගෙන වරද තමන් පිට පටවන්න ලොකු ජරමරයක් කරමින් ඉන්න වග කියමින් ලොකු මහත්තය ඇමැති තැනට මහ දොස් මුරයක් දැම්මා... මේව කරන හැටි, කරන්නෙ කවුද? කියලත් තමන් දන්න වග සඳහන් කළා. ඊට පස්සෙ මේ වැඩ තවදුරටත් මේ විදියට ඉදිරියට ගියොත් සිද්ධවෙන්න පුළුවන් දේ ගැනත් අනතුරු ඇඟෙව්වලු. උන්නැහේගෙම වචනවලින් කීවොත් මට කියල ආයෙම සැරයක් අර වැඩේ කරවගන්න එපා.. කියන එකලු අනතුරු ඇඟවීම වු‍ණේ. හැබැයි ඒ කිව්ව වැඩේ මොකක්ද කියල දන්නෙ ලොකු මහත්තයත් කතාව අහපු ඇමැති තැනත් පමණයි

කොහොමහරි ලොකු තැන කරපු අනතුරැ ඇඟවීම හින්දා බියට පත්වෙච්ච කොළඹට කිට්ටු ආසනයක් නියෝජනේ කරන ඇමැතිතුමාට හිතුණෙ ආයෙත් වැඩේ ජෝන් බාස්ට යන්න හදනවය කියලයි.

ඒ හන්ද මේ හමුවෙන් පස්සෙ අර ආගමික නියෝජිතයො වහාම පිටත් කරපු ඇමැතිතුමා අධික වේගයෙන් අරලියගහ වලව්වට ගියාලු. ඒත් එතෙන්දි වෙච්ච දේ කවුරුවත් දන්නෙ නැහැ.