2019 ජුලි 06 වන සෙනසුරාදා

මං යන්නම්: පුතා ගැන බලන්න

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 1349

ඒකාබද්දෙ ඉඳගෙන ඒකාබද්දෙ ජනාධිපති අපේක්ෂකයා පතුරු අරින වෙල් මන්තිරිතුමා පසුගියදාක හදිස්සියෙම පොහොට්ටුවෙ න්‍යායාචාර්ය බැසිල් හමුවුණාලු...

උන්නැහේ එයා හමුවෙලා කිව්වෙ තමන්ට මේ පක්ෂයෙන් ඉවත් වන්න ඕන කියලා බවයි ආරංචි...

තමන් මෙතෙක් උදව් කළ ඒකාබද්ධයෙන් ඉවත් වන බව කියපු වෙල් මන්තිරිතුමා පක්ෂ කණ්ඩායම් රැස්වීමට තමන් ගියාම කවුරැවත් තමන්ගෙ මුහුණ බලන්නෙවත් කතා කරන්නෙවත් නැති එක මෙහෙම ඉවත්වෙලා යන්න ආසන්නම හේතුවය කියලත් කිව්වා...

මේ සියල්ල කියපු උන්නැහේ තමන් බදුල්ලෙන් ඉවත් වන නමුත් තමන්ගෙ පුතා හිටපු විදියටම පක්ෂයේ ඉඳීවි කියලත් බැසිල් උන්නැහේට කීවලු...

වෙල් මන්තිරිතුමා තමන්ගෙ දිග කතාව ඉවර කරමින් ඉල්ලීමකුත් කළා කියලා ආරංචියි...

තමන් යන්න ගියත් සිය පුත්‍රයට අගලවත්තෙ ආසනයත් තමන්ගෙ ගෝලයට මතුගම ආසනයත් පවරන්න කියන එකයි ඒ ඉල්ලීම...

ඒ ගැන බැසිල් උන්නැහේගෙන් සුබදායක ප්‍රතිචාර ලැබුණු වග ආරංචියි. ඒත් ඒ බව දැනගත්ත පළාතෙ පොහොට්ටු කස්ටිය කැළඹිලාය කියලා තතු දත් අය කියනවා.