2019 ජුනි 08 වන සෙනසුරාදා

ඒවා බැහැ

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 567

ආණ්ඩුවෙ ඉහළම කන්තෝරුවකින් අලි පාටියෙ ඇමැති සයිස් මහත්තයකුට ඇමතුමක් ආවා. මේ ඇමැති තැන බස්නාහිර හිරු වගේ බැබලෙන කෙනෙක් කීවොත් වරදක් නැහැ...

උන්නැහේට ඉහළ කන්තෝරුවෙන් ආපු ඇමතුමෙන් කියැවුණේ පාස්කු ප්‍රහාර කේස් එක ගැන සොයන දියවන්නා කමිටුවට බුද්ධි අංශවල ලොක්කො ගෙනල්ල මාධ්‍ය ඉස්සරහ අනවශ්‍ය ලෙස කරුණු හෙළිදරව් කරන්න එපා කියලලු.

එහෙම ප්‍රශ්න කරනවටත් මේවා සජීවීව ප්‍රචාරය කරනවටත් ඉහළම කන්තෝරැව අසතුටුයි කියලලු කියැවුණේ...

ඒ අනුව කාකිසූට් දෙපාර්තමේන්තු එක්තරා බලවත් අංශයක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම අත්හැර දමන්න හිරුල තීන්දු කරලා.

බැරි වෙලාවත් ඉහළ උපදෙස්වලට විරුද්ධව එයාල ප්‍රශ්න කරන්න ගියොත් කවුන්සිලේ රැස්වීම් වාර අවසාන වෙන්න වුණත් ඉඩ තිබෙන බවට අනතුරු ඇඟවීමකුත් ලැබිලා කියලා ආරංචියි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00