2019 ජුනි 01 වන සෙනසුරාදා

අනුග්‍රාහකයෝ අහක බලලා

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 557

කාලෙකට ඉස්සර වතුකරේට රජුන් තැනූ පවුලේ දේශපාලන මෑන් කෙනෙක් එක්තරා ප්‍රබල ආගමික නායකයෙක් හමුවෙන්න තීන්දු කළා....

උන්නැහේ වතුකරේ එක්තරා දේශපාලන පක්ෂයක නායකයෙක් නිසා පසුගියදා සිදු වූ විපතට කනගාටුව ප්‍රකාශ කරන්නත් දුකට පත්වූ ජනතාවට අනුග්‍රහයක් දක්වන්නත් තමයි මෙහෙම යන්න තීරණය කළේ.

ඒත් එහෙම යනකොට නිකම්ම යන්න බැරි නිසා තෑග්ගකුත් අරන් යන්න තීන්දු කළ උන්නැහේ තමන්ට හිතවත් ව්‍යාපාරික භවතුන් ගණනාවකගෙන් ඒකට අනුග්‍රහය පැතුවා... 

ඒත් සිදු වූ විපතට උදව් කළ යුතු වුණත් මේ දේශපාලන ලොක්කගෙන් එයාලගේ හිතවතුන්ට ලැබෙන ඉල්ලීම් අසීමිත නිසා ඉල්ලපු තෑග්ග ලැබිලා නැතිලු.

අනුග්‍රාහකයන් අහක බලාපු නිසා කේන්තියට පත් වතුකර ලොක්කා ඉතාම කලාතුරකින් කරන පරිදි තමන්ගේ අතින් වියපැහැදම් කරගෙන තමන්ගේ වුවමනාව ඉටු කරගත්තේ ලොකු කේන්තියකින් කියලයි තතු දත් අය කියන්නේ.