2019 මැයි 25 වන සෙනසුරාදා

උපදේශකයෝ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 725

මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වෙන, ඒකාබද්ධයෙන් භංග යෝජනා පවා ආපු කැබිනට් මැතිතුමාව බේරගන්න කිහිප දෙනෙක් බැහැලා වැඩලු. ඒ අය එතුමට විරුද්ධ වෙන අය එහෙම හොරෙන් හම්බවෙලා එතුමාව අමාරැවේ දැම්මොත් ආණ්ඩුවත් අමාරුව වැටෙන බව පැහැදිලි කරනවලු. ඒකෙදි අර දොස්තර මහත්තයගේ පුතා පොඩි දොස්තර මහත්තයාත් හම්බවෙන්න දෙන්නෙක් තුන්දෙනෙක් දැල එළලා බැලුවා.

එයාව හම්බවෙලා එහෙම උපදෙස් දෙන්න ආපු අලි පාටියේ දෙන්නෙක් තුන්දෙනෙක්ට මෙයා දෙහි කැපුවලු. මෙයා කිව්වලු "මම මේ මිනිස්සුන්ගෙන් ඡන්ද ගත්ත මිනිහෙක්, මේ මිනිස්සු මගේ මිනිස්සු. මේ අය ගැන නොබලා මම එයාට පක්ෂව අත ඉස්සුවොත් මට ආයි මේ මිනිස්සු ගාවට යන්න බෑ. පුළුවන් නම් ඔයාලා මට නොකියා එයාට ගිහින් කියන්න එයාගේ ඇමැති පට්ටමෙන් අයින් වෙන්න කියලා." එහෙම කිව්වට පස්සේ අර අය හොයාගන්නවත් නෑලු.