2019 මැයි 04 වන සෙනසුරාදා

සිස්ටම් එක අප්සෙට් කිරීම

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 577

අපි මේ කියන්නෙ ආණ්ඩුවට සල්ලි හොයන ලොකුම තැනක වැඩක් ගැනයි... අකුරු තුනක නමකින් ප්‍රසිද්ධ මේ කන්තෝරුවෙ දවසක ආදායම රුපියල් කෝටි ගණනක්ලු...

මේ කන්තෝරුවෙ වැඩ සේරම වගේ කොම්පියුටර් ආධාරෙන් තමයි සිද්ධ වෙන්නෙ... දෙස් විදෙස් ගනුදෙනුවලට හුඟ දෙනෙක් යන එන මෙතන කොම්පියුටර් වැඩ බලන මහත්තයෙක් ඉන්නව...

උන්නැහේ එක්තරා ව්‍යාපාරික කස්ටියකගෙ ගනුදෙනු සිද්ධවෙන දවසට කොම්පියුටර් සිස්ටම් එකේ පොඩි වෙනසක් කරනවලු... ඒ වෙනස නිසා එතනින් නිදහස් කරගන්න තිබෙන සමහර වැදගත් දේවල්, රහසිගත දේවල් සද්ද බද්ද නැතුවම පිටතට ගෙනියන්න පුළුවන් කියල ඇතුළෙම කස්ටිය කියනව...

මේක දැන් ඔය කියන කන්තෝරැවෙ සමහර ප්‍රබල උදවියත් දන්නව... ඒත් මේ ගැන කොපමණ ඉහළට කිව්වත් වැඩක් නැහැ කියලයි ආරංචි...

පසුගිය දවස්වල මේ රටේ සිද්ධවෙච්ච සමහර දේවල්වලටත් මෙතනින් සහාය ලැබුණු බවට සමහරැ සැක කරනව... ඒ නිසා මේ කන්තෝරැවෙ ඉන්න රටට හිතැති පිරිසක් වැඩේ ගැන හොඳට ඇහැ ගහගෙනලු ඉන්නෙ... ළඟදිම දැල එලයි වගේ කියනව...