2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කැබිනට් පට්ටම!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 892

බොහොම කාලයක් අලි පාටියට සම්බන්ධ වෙලා හිටපු ඌව පළාතේ ඈත කෙළවරේ ආසනයක් නියෝජනේ කරන මහත්තයෙක් ඉන්නවා.

උන්නැහේ කාලයක් අලි පාටියේ ඉඳලා ඊළඟට පුටු පාටියට ගිහිල්ලා තානාන්තර දැරුව. ඒත් මේ ළඟදි උන්නැහේ ආපසු පුටුවෙන් බැහැලා ඇවිල්ලා අලියා පිට නැග්ගා. ඡන්ද ඉල්ලලා පැරදිලා තෙම්පරාදු වෙලා ඉන්න මුන්නැහේ අතීතයේ නම් අලි පාටියේ ලොකු සෙනෙවියෙක් හැටියට හිටියා. දැන් එයා ආයෙම පාටියේ වැඩ.... හැබැයි උන්නැහේට කලින් වගේ කැබිනට් පට්ටමක් නැහැ.

ඒත් ඊයේ පෙරේදා ආපහු රටේ ලොකු මහත්තයයි අලි පාටියයි නැවත පූට්ටු වෙලා ජාතික ආණ්ඩුවක් හදන කතාවක් ගියා. අලි පාටියෙන් කැබිනට් %නොවන^ කැබිනට් පට්ටම් දෙන්න සුදුසු අය ලැයිස්තුවක් රජ ගෙදරට ගිය බවත් ආරංචි වුණා.

ඔන්න ඔය අල්ල පනල්ලේ අපි මුලින් කිව්ව ඌවේ උන්නැහේත් කැබිනට් ලැයිස්තුවේ ඉන්න බව කියැවුණා කියමුකෝ...

මේ කතාව ඇවිත් දවස් දෙක තුනකට පස්සේ ඌවේ උන්නැහේ හෙමින් හෙමින් රජ ගෙදර පැත්තට සම්ප්‍රාප්ත වෙලා රටේ ලොකු මහත්තයා හමුවුණා... ඒ හමු වුණෙත් නිකමට බව කීවත් හමුව යට අරමුණ කැබිනට් ආරංචිය ගැන විපරම් කිරීමලු.

ඔන්න උන්නැහේ ලොකු මහත්තයා සුහදව පිළිගත්තා. ඊටපස්සේ එයා තමන්ගේ මාතෘකාව අදින්නත් කලින් ලොකු මහත්තයම සැබෑ කතාව එළියට දැම්මා.

දැක්කද පත්තරවල තියනවා මම ඕගොල්ලන්ට කැබිනට් ඇමැතිකම් දෙන්න යනවය කියලා... ලොකු මහත්තයා එහෙම කියනකොට ඌවේ උන්නැහේ ඒක තමයි කියමින් අගුල්පත් තිබ්බා. පත්තරේනම් තිබුණා. හැබැයි මගෙන්නම් ඕගොල්ලන්ට කැබිනට් ඇමැතිකම් ලැබෙන්නේ නැහැ.. ඒකත් මතක තියාගන්න ලොකු මහත්තයා ලොකු කතාවක් කෙටියෙන්ම කියලා දැම්මා.

ඌවෙ උන්නැහේ කනස්සල්ලට පත්වුණා. ඒත් ඒ බව නොපෙන්වා රජ ගෙදරින් පිටවුණා..

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00