පොහොට්ටුවට අලුතෙන් එකතු වෙච්ච ඈත පළාතක් නියෝජනය කරන කළු කෝට් මහත්තයෙකුට ඒ දිසාවේ ඉන්න පරණ පොහොට්ටු කස්ටියගෙන් යමර කැපිල්ලක් තියෙනවලු.
කොටින්ම කියනවනම් කළු කෝට් මහත්තයා නියෝජනේ කරන සුප්රකට දූවක් තියන ආසනේටත් ඇවිල්ලා උන්නැහේට නොකියා පරණ කස්ටිය රැස්වීම් කාරිය තියන්න පටන් අරන්ලු.. මේ ගැන ලොකු ලොක්කන්ට පැමිණිලි පිට පැමිණිලි කරලත් තියෙනවා...
අන්තිමේදී මේ ප්රශ්නය විසඳන්න පොහොට්ටු ලොක්කෝ කමිටුවකුත් දැම්මලු.
හැබැයි කමිටුවෙනුත් මේ ප්රශ්නය නිට්ටාවටම සනීප නොකළොත් තමන්ට අලි පාටිය දිහාව බලන්න සිද්ධ වෙනවා කියලා උන්නැහේ ඉහළ තැන්වලට ලොකු අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරලා තියෙනවා. එයාලා කියන විදිහට පොහොට්ටුවේ ඉඳලා වෙන තැනකට පනින්න ඔන්න මෙන්න කියලා හිටපු දෙන්නෙක්ලු තිරය පිටුපස ඉඳන් දිස්ත්රික්ක දෙක තුනක මේ ප්රශ්න මවන්නේ...