2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

’’ශ්‍රී රාහුල හිමිගේ නාමේ....’’

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 585

දියවන්නා කවුන්සිලේට ටිකක් එහායින් කවුන්සිලේ මැම්බර් මහත්තුරුන්ගේ නිල නිවාස තියන පැත්තේ.. පැරණි පාසලක් තියෙනවා. ඒක නම් කරලා තිබුණේ අපේ සාහිත්‍යයට, කලාවට ඉහමත් සේවාවක් කරපු ශ්‍රී රාහුල හිමියන්ගේ නමින්...

ඒත් පස්සෙ කාලේ මොකද්දෝ අහේතුවක් නිසා දශක ගණනාවක් ජයට පැවැත්වුණු ශ්‍රී රාහුල විද්‍යාලේ වැහිලා ගියා.. ටික කාලයක් එහෙම වැහිලා තිබුණ ඉස්කෝලෙ පසුගිය දාක ආපහු විවෘත වුණා.. ඒක හදන්න බරපැන දැරැවේ තව දවස් ගණනකින් නිල කාලය අවසාන වෙන බස්නාහිර පළාත් සභාව.....

ඉතින් ශ්‍රී රාහුල විදුහල නැවත විවෘත කිරීමට තරමක උත්සවයකුත් එතන තිබ්බා. විදුහලේ නාම පුවරැව විවෘත කරමින් තමයි අලුතින් ඒකේ නිල කටයුතු ආරම්භ කෙරුණේ.

පළාතේ ලොකු ඇමැතිතුමාලා ඇවිල්ලා සුපුරුදු ලෙස ප්‍රදේශවාසී ජනතාව මධ්‍යයේ විද්‍යාලයේ නාම පුවරැව නිරාවරණය කළා. නාම පුවරුව විවෘත කළාමයි දැක්කේ මෙච්චර කාලයක් පාසලට දාලා තිබුණ නම වෙනස් කරලය කියන එක.... මෙතෙක් කලක් තිබ්බ ශ්‍රී රාහුල හිමිගේ නාමය වෙනුවට පළාතේ මහ ඇමැති තැනගේ ශ්‍රී නාමය පාසලට යොදලා තිබුණා. ඒක දැකපු ප්‍රදේශවාසී පෘතග්ජනයා තුෂ්නිම්භූත වුණ බවයි ආරංචි...

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00