2019 මාර්තු 09 වන සෙනසුරාදා

පොදු අපේක්ෂක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 1128

ඛේමාගේ කොලුවා තමන්ගේ මැති සබා දිවියේ තිස්වැනි කඩුල්ල පනින දවසෙ ලංකාවට ආපු අමෙරිකාවෙ පවර් නෝනා මංගල උන්නැහේ ගැන අපූරු කතාවක් කළා.. ඊට පස්සේ එතන ඇවිත් හිටපු උදවියත් එක්කත් කතා කරලා යන්න පිටත් වුණා කියමුකෝ...

 

පවර් නෝනා යනකොට එයා එන්නම බණ්ඩාරනායක හෝල් එකේ ලිෆ්ට් එකට නැග්ග අය අතරේ අලි පාටියේ ලොකු මහත්තයෙක් මංගලතුමත් හිටිය ලිෆ්ට් එකේ හිටපු අය එහාට මෙහාට වෙලා කළුතර මිත්‍රයාවත් ලිෆ්ට් එකට නග්ග ගත්තා...

ලිෆ්ට් එක උඩ තට්ටුවට ගමන් කරන අතරේ එතන හිටපු කෙනෙක් පවර් නෝනට කළුතර කුමාරයා හඳුන්වා දුන්නා. ඊළඟ ඡන්දෙට විපක්ෂයෙන් ඉදිරිපත් වෙන පොදු අපේක්ෂකයා මෙයාය කියමිනුයි.

පවර් නෝනත් ඒක විශ්වාසෙට අරන් මුන්නැහේට ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් බව බැලූ බැල්මටම කියන්න පුළුවන්ය කියමින් කතන්දරේ කම්මුතු කළා.