2019 මාර්තු 02 වන සෙනසුරාදා

කොකේන් විස බැස්සීම

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 803

වතුකරේට සම්බන්ධ පක්ෂවල සමහර ලොක්කන්ගෙ ඔලුවට කඩාවැටිල තියෙන්නෙ මාර දේසපාලන මරාලයක්... සිනමා නළු රන්ජන්ගෙ කොකේන් කතාව දැන් මේ ගොල්ලන්ට හිසරදයක් වෙලා...

ඉතින් ඒක නිසා එක්තරා වතුකර ප්‍රබලයෙක් පසුගියදා හදිස්සියෙම රහසේ ඉන්දියාවට ගිහිල්ල එක්තරා සුප්‍රකට “සිද්ධ” වෛද්‍යවරයන් (ආයුර්වේද ක්‍රමයට ලෙඩ සුවකරන) මුණගැහුනලු... 

උන්නැහේ මේ වෛද්‍යතුමා මුණගැහුණේ සිද්ධ ආයුර්වේද ක්‍රමේට ශරීරයෙ තිබෙන ඕනෑම මත්ද්‍රව්‍යවල විසක් සංයුතියක් - සංයෝගයක් නැති කරන්න පුළුවන් කියන ආරංචිය ලැබුණ නිසයි. 

ඒ වෛද්‍යවරයා හමුවන්න ගිය වතුකර ලොක්ක රටේ ප්‍රබලම දේසපාලන චරිතයක් කීවොත් වරදක් නැහැ... ඉතින් උන්නැහේ සිද්ධ වෛද්‍යතුමා හමුවෙලා ඉල්ලන ගණනක් දෙන්නම් ශරීරයේ ලේවල තිබෙන මත්ද්‍රව්‍ය සංයෝගය වාෂ්ප කරල දෙන්න කියල ඉල්ලීමක් කළා

ඒපාර උන්නැහේ පරීක්ෂා කරපු සුප්‍රකට සිද්ධ වෛද්‍යතුමා පැයක් විතර එයා ගැන පරීක්ෂණ කරල කිව්වෙ මේ වගේ දෙයක් ලේවල තියන මත්ද්‍රව්‍ය විස නම් දවස් දෙකතුනකින් අයින් කරල දෙන්නම්... ඒත් හිසකෙස්වලට ඇතුළුවෙලා තියන විස නම් මාස 3ක් තියනව... ඒක සිද්ධායුර්වේදයට නැතිකරන්න බැහැ... කියල කීවා* ඉතින් ඒ ක්‍රමේට මත්ද්‍රව්‍ය විස නැතිකරගෙන ලංකාවට ඇවිත් වීරය වගේ වෛද්‍ය පරීක්ෂණයකට යන්න හිටපු වතුකර ලොක්ක මේ උපදේශනයෙන් නන්නත්තාර වුණාලු. 
ඒ ජරමර අස්සේ උන්නැහේට තවත් අකරතැබ්බයක් සිද්ධවුණා. එයා අයුර්වේද ක්‍රමේට මත්විස නැති කරන්න ඉන්දියාවට ගිය බව දන්න එයාගෙ පාටියෙ ලොක්කො ලංකාවේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කිව්වා “අපේ පක්ෂයේ ලොක්ක ලංකාවට ආ හැටියෙම මත්ද්‍රව්‍ය සම්බන්ධ රසායනාගාර පරීක්ෂණයකට යනව ගිහිල්ල එයාගෙ නිර්දෝෂි බව ඔප්පු කරනවය කියලා... 

එයාල එහෙම කිව්වට ඉන්දියාවේ ආයුර්වේද වැඩේ හබක් වෙලා හිස් අතින් ලංකාවට ආ වතුකර ලොක්ක තමන්ගෙ පක්ෂයෙ පොරක් නිකුත් කළ මේ නිවේදනේ දැක්කම මාරාවේශ වුණාලු. 

“ඒ පාර ඈ බොල හරකෝ කව්ද තොට කිව්වෙ මේ විදියෙ බූරු වැඩක් කරන්න කියල... දැන් මම කොහොමද මේ ටෙස්ට් එකට යන්නෙ කියල... නිවේදනේ දාපු මිනිහ අල්ලගෙන හොඳට නෙලුවය කියන එකයි වතුකරෙන් ආරංචි වෙන්නෙ.
අන්තිමට ගුටිකාපු මිනිහා යාලුවන්ටත් ඇත්ත කතාව කියලා වාෂ්ප වෙලා කියලයි තතුදත් අය කියන්නෙ...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00