2019 මාර්තු 02 වන සෙනසුරාදා

කුඩු පන්දුව!

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 525

කුඩු හුටපටේ හතරමායිම් දන්නවය කියන අහවලාට පසුගිය දවසක තමන්ගෙ පාටියෙ ඉහළ තැනකින් කැඳවීමක් ලැබුණා...

ඔන්න ඉතින් ඒ කැඳවීම ලැබුණ දා හැන්දෑවෙ උන්නැහේ තමන්ව කැඳවපු පාටි ප්‍රධානියා හමුවෙන්න ගියා...

උන්නැහේ අලි පාටියෙ ජ්‍යෙෂ්ඨම පොරක්... ඉතින් මේ නළුතුමා පැමිණි ගමන් උන්නැහේ එච්චර සුහද කමක් නැතුව පිළිඅරන් පාටි ප්‍රධානිය ඇහුවෙ මොකද්ද අයිෂෙ මේ කුඩු කතාව කියලා... ඊළඟට නළුතුමා තමන් ඒ ගැන දන්න කියන කාරණා වගයක් කිව්වා...

ඒ  කතාවට සවන් දීපු පක්ෂ ජ්‍යෙෂ්ඨය නළුතුමාට උපදෙසක් දුන්නා...

අයිෂෙ ඔය මමත් එක්ක දැන් මෙතන කියපු කතා ටික තැන් තැන්වල කිව්වම අපි කාටත් පල්එකනෙ. ඒ නිසා අපි පත්කරපු කුඩු කමිටුවට ගිහිල්ල ඕක කියනවා... එතකොට ඔය කතාව ඉවරයි...

මේ උපදෙසට සවන් දුන්න නළුතුමා මද සිනහවක් මුවට නගාගෙන ඇඹරෙන්න ගත්ත... පක්ෂ ජ්‍යෙෂ්ඨයට ටිකක් කේන්ති ගිහින් ඇයි...? ඇයි...? තමුසේ ඇඹරෙන්නෙ කියල ප්‍රශ්න කළා.

කොහොමද සර් මම එතෙන්ට ගිහිල්ල මේ කතාවල් කියන්නෙ අරයත් ඒ කමිටුවෙ ඉන්නවනේ. එයා මගේ ලැයිස්තුවෙත් ඉන්නවා... ඒකයි ප්‍රශ්නය... නළුතුමා හඬ අඩුකරල කීව. “එයා හිටියට මොකෝ ඔයා යන්න ගිහිල්ල කතාව කියන්න... පක්ෂ ප්‍රධානිය අන්තිම තීන්දුව දුන්නා... ඒකට හොඳයි සර් කියපු නළුතුමා පසුදා කුඩු කමිටුව ඉදිරියේ පෙනී සිටියා.