2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ගල් වුණ විගණනේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 535

ආණ්ඩුවෙ එක්තරා බරපතළ වැඩකටයුතු කෙරෙන අමාත්‍යාංශයකින් පාලනේ වෙන එක්තරා අරමුදලක් තියනව. මේ රටේ හිටපු දුප්පතාගෙ දුක දැකපු නායකයෙක් පටන් ගත්ත මේ අරමුදලෙ දැන් සෑහෙන්න සල්ලි තියනවලු...

පසුගිය කාලෙ මෙතන තිබුණ සල්ලිවලින් මිලියන හත් අට සීයක් එක පාරටම වෙන තැනකට කාන්දු වෙලා කියල ආරංචියක් ගියා... අන්තිමේදී ඒක ගැන ඒක අයිති ඇමැති අංසේ යුනියන්කාරයො හොයනකොට මේ සල්ලි ඇදල තියෙන්නෙ අමාත්‍යාංසෙන් කරනවය කියන ව්‍යාපෘතියක ප්‍රචාරක වැඩකටලු. පොඩි වැඩක් කරල සතිපතා මහ සද්දයක් දාන වැඩක්ලු මේක.

කොහොමහරි යුනියන් කස්ටිය මේක විගණන අංසවලට දැන්නුව... ඔන්න ඒ පාර වැඩේ විගණනේ කරන්න යනකොට ඉහළම මන්දිරේකින් ලැබුණ ඇමතුමක් නිසා විගණනේ හුටස් ගාල නැවතුණා. ඊට පස්සෙ රටේ ලොකු තැනත් මුන්නැහේගෙ ඇමැති අංසෙ වැඩකටයුතු නියමයි කියලා සැටිපිකෙට් එකකුත් දුන්නා... 

මේ සැටිපිකට් කතාව අහපු සමහර අලින්ටත් ජුවල් ගිහිල්ලලු... රටට දැයට ප්‍රේම කරනවය කියන අයගෙ වැඩවල හැටි මෙහෙමයි කියලා එයාලත් කියන්න පටන් අරන්ලු.