2019 ජනවාරි 05 වන සෙනසුරාදා

රජ මඟුල් තුනක්!

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 1134

මේ රටේ ලොකුම දේශපාලන පවුලක රජ මඟුල් තුනක් මේ අවුරුද්දෙ සිද්ධවෙන්නලු යන්නෙ...

ජනවාරියෙන් පටන් ගත්තම දෙසැම්බර් වෙනකොට මේ රජ මඟුල් තුනම හමාර කරන්න පවුලෙ ප්‍රධානීන් සැලසුම් කරල තිබෙන වග ආරංචියි...

මේ දේශපාලන පවුල අවුරුදු 80කට වැඩි කාලයක් තිස්සේ පරම්පරාගතව දේශපාලනය කරන පවුලක්. පවුලෙ ඉන්නෙ පුත්තුම තුන්දෙනෙක් නිසා එකතුවෙන්නෙ ලේලිවරු තුන්දෙනෙක් බවත් ආරංචියි...

තමන්ගෙ දේශපාලන උරැමය තුන්වැනි පරපුරට පැවරීම උදෙසා මේ කටයුතු සිද්ධවෙනවා වෙන්න ඇති කියල පවුලට සමීප උදවිය කියනව...

හැබැයි තුන්වැනි පරපුරෙන් දේශපාලනේ කරන්නෙ එක්කෙනයි. එයාගෙ මංගල්ලෙලු අන්තිමට සිද්ධවෙන්නෙ.. 

මේ මංගල උත්සව රජ මඟුල් වුණත් තමන්ගෙ ගමේ මහගෙදර පැවැත්වීමලු විශේෂත්වය වෙන්නෙ.