2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මොණරකොළ හුටපටය

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 465

ආණ්ඩුවෙ එක්තරා අමාත්‍යංශයක බිස්නස් වැඩකට ආපු ඉන්දීය ව්‍යාපාරිකයෙක් තමන්ගෙ වැඩේ කරගන්න එක්තරා දේශපාලන භවතෙක්ගෙන් උදව් ඉල්ලුව. වතුකරේ පැත්තෙ නම් දැරෑ මේ දේශපාලන භවතා කරන උදව්වට සෑහෙන්න නිල් මොණර කොළ තොගයක් දෙන්න හදනකොට ඒක තමන්ගෙ යටතෙ වැඩ කරන අහවලාට දෙන්න.. එයා වැඩේ ගාණට කරයි කියල ඒක දෙන්න එයාව සැට් කළා. හැබැයි අර මොණර කොළ ටික මට ලැබෙන්න ඕන* කියලත් උන්නැහේ තමන්ගෙ ගෝලයට රහසින් අණ කළා.

කොහොම නමුත් ගෝලයා වැඩේ වගේම මොණර කොළත් බාරගත්ත... ඒත් ඒව නියමිත ලෙස මේ කියන දේශපාලන භවතට දුන්නෙ නැහැ...

මේකට උන්නැහේට මාරජුවල් ගියා. ඒ පාර මේ හාදයට පාඩමක් කියාදෙන්න හිතල එයාට අල්ලපු රටට එන්න කීවලු... එහේදී මිනිහගෙ පාස්පෝට් එක වාෂ්ප කරවල එයා ඒ රටේ නන්නත්තාර කළා කියලයි ආරංචි... ඊටපස්සෙ මේ වතුකර ගෝලයට චණ්ඩි බණ්ඩිත් හොඳට සැලකුවලු.

කොහොම හරි මේ තැනැත්තට නැවත මේ රටට ඒගන්න බැරුව කැරකෙනකොට හිත හොඳ මිනිහෙක් මුණගැහිල තාවකාලික පාස්පෝට් එකකින් මේ රටට එවන්නලු යන්නෙ. හැබැයි එහෙම ආපු ගමන් තමන්ට වෙච්ච දේත් දේශපාලන භවතගෙ සන්තෝසම් ව්‍යාපෘතිය ගැනත් මාධ්‍ය හමුවේ දෙසා බාන්න වතුකර ගෝලයා සැරසෙන බවයි අලුත්ම ආරංචිය...

ඒ නිසා මේ දවස්වල නිවාඩුවකට විදේශගතවී සිටින වතුකර භවතා හොඳටම තක්බීර්වෙලා ඉන්නවලු.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00