2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

තටු කැපෙනවලු

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 1420

දේශපාලනේටත් සම්බන්ධ වෙලා මැති ඇමැති පට්ටම් දරාපු පළාත් ආණ්ඩුකාරයෙකුගෙ තටු කැපෙන්න යනවය කියල තිරය පිටුපස ලොකු කතාවක් යනවා...

වාර දෙකක් එකම පළාතෙ ආණ්ඩුකාර පට්ටමට පත්වුණ උන්නැහේ මෛත්‍රී සෙවණෙ ඉඳගෙන මෛත්‍රී ළඟ ඉන්න මන්තිරිගොල්ල හිටපු ලොකු නෝනගෙ මතේට වැඩකරවන්න හැදුවා කියන එකයි චෝදනාව. ඒකට ඕනකරන මීටින් මේ ආණ්ඩුකාර තැනගෙ ගෙදර තිබ්බ බවත් ඒකට අත පාටියෙ කස්ටිය කැඳවල හිටපු ලොකු නෝන මුණගැස්සුවෙ මේ ආණ්ඩුකාර තැනය කියන සියලු තොරතුරැ රටේ ලොකු මහත්තයට වාර්තා කළේ රාජ්‍ය බුද්ධි අංශයලු...

ඊයෙ පෙරේද මේ ගැන ආණ්ඩුකාර තැනගෙන් ප්‍රශ්න කරපු රටේ ලොකු මහත්තය ජනවාරියෙන් පස්සේ නිකම් ඉන්න ලෑස්තිවෙන්න කියලත් දැනුම් දුන්නලු.

භාෂා දෙක තුනක් හොඳට දන්න කටකාරයෙක් වන ආණ්ඩුකාර තැන කොරේ පිටට මරේ කිය කියා කම්මුලට අත තියන් බලා ඉන්නව කියලා උතුරෙන් වාර්තා වෙනවා.