2017 ජනවාරි 07 වන සෙනසුරාදා

වටිනාම දිනපොත

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 447

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආණ්ඩුවෙ අමාත්‍යංශවල දිනපොත්, කැලැන්ඩර් ගහන එක සාමාන්‍ය කාරණයක්. ඒත් රටේ සල්ලි තියන එක්තරා ප්‍රබල අමාත්‍යංශයක මේ දවස්වල බෙදන අපූරු දිනපොතක් තියනවා කියලා ආරංචියි.

ඉතාම ලස්සනට හදලා තිබෙන මේක ගහලා තියෙන්නෙ එංගලන්තෙ ඉන්න නයිටින්ගේල් කෙනෙක්ගෙ කොම්පැණියකින්ලු... එක දිනපොතක වටිනාකම රුපියල් හත්දාස් පන්සීයක් අටදාහක් විතර වෙනවලු... මේ විදියෙ දිනපොත් දෙතුන් සීයක් දැනටමත් ඒ අමාත්‍යංශයට ගෙනල්ලා යම් යම් අයට බෙදන්න පටන් අරන් කියලා එතන සුළු සේවකයො කසුකුසු ගානවා...

සල්ලි නැතුව හෙම්බත්වෙලා තියන ආර්ථිකයක් ඇති රටක් විදියට මේවගේ වැඩවලට කොහෙන් සල්ලි වියදම් කරනවද? ආණ්ඩුවෙ සල්ලිද? වෙන කවුරු සල්ලි දෙනවද කියලයි හුඟදෙනෙක් ප්‍රශ්න කරන්නෙ? 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00