2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ඇමැතිතුමාගෙ උපදේසෙ

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

අලුත් අවුරුද්ද වෙනුවෙන් ආණ්ඩුවෙ බරපතළ විෂයක් භාර ඇමැති කෙනෙක් වැඩ භාරගැනීමේ උත්සවයක් පැවැත්තුවා... මේ උත්සවේ තිබ්බ ඇමැතිතුමා ක්‍රීඩා අංශයෙන් ලෝක ප්‍රකට වෙච්ච කෙනෙක් කිව්වොත් හරියට හරි...

තමන්ට භාර ආයතනෙ කොටස් විදේශ ආයෝජකයන්ට පවරන්න යන එකට උන්නැහේ ටික දවසක් ඉඳන් ආණ්ඩුව එක්ක කොක්කක පැටලිලයි ඉන්නෙ... පසුගියදාක හම්බන්තොට පැත්තෙ ඒ කාරණේ ගැන වර්ජනේකුත් තිබුණ වගේ මතකයි...

ඉතින් කොහොමින් කොහොමහරි මේ ගරු ඇමැතිතුමා ජනවාරි 2දා තිබ්බ නව වසරේ වැඩ ඇරැඹීමේ උත්සවයේදී සේවකයන් අමතා අමුතු කතාවක් පැවැත්තුව... ඒක සාමාන්‍යයෙන් ඇමැතිතුමෙක් කරන ජාතියෙ කතාවක් නෙවෙයි...

උන්නැහෙ කිව්වෙ මෙහෙමලු... ඔන්න මම මේ ආයතනෙ පිටරට්ටුන්ට පැවරීමෙන් බේරගන්න කරන්න පුළුවන් සේරම දේවල් කළා. ඒත් වැඩේ හරියන්නෙ නැහැ... ඉස්සරහට තමුන්ගෙ ළමයකුට හරි මෙතන රස්සාවක් බලාපොරොත්තු වෙනව නම්. පහුගියකාලෙ ඔයාල මම එළවන්න කියලා වර්ජනේ කළ විදියට මොකක්හරි කරල මේ ආයතනය බේරගන්න... මට කියන්න තියෙන්නෙ එච්චරයි. ඇමැතිතුමා එහෙම කියලා කතාව අවසන් කළා... අලුත් අවුරුද්දෙ වැඩ අරඹන්න ආපු සේවකයො ඇමැතිතුමාගෙ මේ උපදේසෙ අහලා මුහුණට මුහුණ බලාගත්තලු.