2017 ජනවාරි 07 වන සෙනසුරාදා

දේශපාලන ග්‍රහ මාරු

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 305

තියෙන දේශපාලන උණුසුමත් එක්ක ජ්‍යෙතිෂ කස්ටියටත් හරියට වැඩලු. මේ දවස්වල උන්නැහේල ළඟ දේශපාලන භවතුන් පෝලිම් ගැහිලා ඉන්නව කියල ආරංචියක් පැතිරෙනවා...

මේ මාසෙ අන්තිම සුමානෙ සිද්ධවෙන්න යනවය කියන ඉතාම ප්‍රබල ග්‍රහ මාරුව තම තමන්ටත් තමන්ගෙ ආණ්ඩුවෙ කටයුතුවලටත් බලපාන හැටි ගැන රජයේ මැති ඇමැති කස්ටිය සොයන්න පටන් අරන්... මේ 26න් පස්සෙ දේසපාලනේ ලොකු වෙනස්කමක් වෙන්න පුළුවන් කියන ආරංචිය ගැනත් සමහරු කලබලවෙලාලු.

ඒ අතරෙ ආණ්ඩුවෙ ලොකු ලොක්කො මෙන්ම විපක්ෂයෙ ලොකු ලොක්කොත් තමන්ට සුබ දිනය උදාවෙන තෙක් බලා ඉන්නව කියනව. රටේ ලොකුම පදවියක් දරන මහත්තයකුට තියන අපල උපද්‍රව මේ මාසෙ 16යින් කම්මුතු වෙනවලු... ලබන 26න් පස්සෙ උන්නැහේට හොඳටම හොඳ වෙනවය කියලත් අනාවැකියක් පළවෙලා... ඒත් එක්ක විපක්ෂයෙ මහ පුටුවක ඉන්න කෙනකුටත් 26යින් පස්සෙ තිබෙන දෝෂ භංගවෙලා ඉතා සුබ කාලයක් උදාවෙනවලු.

මේ තත්ත්වයත් එක්ක යම් යම් වෙනස්කම්වලට අර අඳිමින් තියනව කියලත් ආරංචියක් පැතිරෙනවා. ඒ ගැන දේසපාලන අංශවල මාර උනන්දුවකුත් ඇතිවෙලා...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00