2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ආසන ප්‍රශ්නයක්

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

පසුගිය දවසක හිටපු ලොකු තැන මළ ගෙදරකට සහභාගි වුණා. දියවන්නා කවුන්සිලේ ලොකු පට්ටමක් දරන කෙනකුගෙ පවුලෙ මරණයක් මේක...

සුසාන භූමියට ගියාම එතන විශේෂ අමුත්තන්ගෙ පුටු පේළියෙ තිබුණ හිස් පුටුවක හිටපු ලොකු තැන අසුන් ගත්ත... ඔන්න බොලේ ඒක දැකපු ආරක්ෂක කස්ටිය හොඳටම කලබොල වුණා. ඊළඟට කෙනෙක් ඇවිත් ඉතාම යාප්පුවෙන් වගේ හිටපු ලොකු තැනට මෙහෙම කිව්වලු...

සර් ඔය පුටුව සර්ට නෙවෙයි ඔතනින් නැගිටල අතනින් වාඩිවෙනවද... මේ නිලධාරිය හිටපු ලොකු තැනගෙන් ඉල්ලීමක් කළා...

ඇයි මොකද මෙතන වැරැද්ද මට මෙතන හොඳයි කියල හිටපු ලොකු තැන අල්ලපු ආසනේ හිටපු කතානායක තැනත් එක්ක කතාවකට වැටුණලු.. ඊට පස්සෙ ආයෙමත් අර නිලධාරි තැන අනේ සර් ඕක අහවල් ලොකු මහත්තයට වෙන්කළ පුටුව කියලා ආයෙමත් කිව්වලු...

ඒ පාර හිටපු ලොකු තැන මම වාඩිවුණ තැනින් දැන් නැගිටින්න බැහැ... තමුන් යනව මම ඉක්මනට යන්නම්... කියලා උත්තර දුන්නලු... ඒ ගමන මේ පුටුවෙ වාඩිවෙන්න නියමිතව හිටපු ලොකු මහත්තයා එන ආරංචිය පැතිරුණා. ආසන පැනවීම භාරව හිටපු නිලධාරියා සලිතවෙලා බොහොම භයට පත්වුණේ මේ අහන ප්‍රශ්නෙ නිසා එයාගෙ රස්සාවටත් තට්ටුවෙයිද කියලයි.

කොහොම හරි ප්‍රධාන අමුත්ත එනකොට තමන්ගෙ අසුනෙන් නැගිට්ට පරණ ලොකුතැන එතනින් පිටත්වෙලා ගියාලු. ඒත් එක්ක අර ආසන භාර නිලධාරියා සැනසුම් සුසුමක් හෙළුවා කියලා ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00