2017 ජනවාරි 07 වන සෙනසුරාදා

තවත් කට්ටියකට පට්ටම් එපාවෙලාලු

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 234

අලුත් අවුරුද්ද ලැබීමත් එක්ක දේශපාලන ලෝකෙ සෑහෙන්න සසල වෙච්ච බවකුයි පේන්නෙ...

කාලෙකට පස්සෙ පක්ෂ මාරු කතා තනතුරු අත්හැරීමේ කතා ගණනාවක් ප්‍රචාරය වෙන්න පටන් අරන්. මේ සමහර කතා මිථ්‍යා කතා වගේ වුණත් ඇත්තක් පදනමක් තියන කතා ගණනාවකුත් තිබෙන බවයි තතු දත් අය කියන්නෙ...
වැඩිපුරම කියැවෙන්නෙ තනතුරු අත්හැරීම් ගැනයි... මේ තීන්දු ගන්න යනවය කියන්නෙ රාජ්‍ය ඇමැති - නියෝජ්‍ය ඇමැති සයිස් මහත්තුරු කිහිප දෙනෙක්ලු... දැනට තිරය පිටිපස්සෙ කෙරෙන කතාවලින් තේරෙන්නෙ ඊළඟ වටයට තනතුරු අත්අරින්න 4 දෙනෙක් සූදානම් කියලයි...

පසුගියදා අස්වුණ පියංකර උන්නැහෙත් කියල තිබුණෙ මගෙන් පස්සෙ තවත් කිහිප දෙනෙක් තනතුරු අත්අරින්න යනවය කියන කතාවයි...

දැනගන්න තියන විදියට මේ ආකාරයට තනතුරු අත්අරින්න යන්නෙ මාතලේ - ගාල්ල - පුත්තලම වගේ දිස්තිරික්ක තුනක හතර දෙනෙක්ලු... මේ අය තමන්ගෙ උප ඇමැතිකම් - රාජ්‍ය ඇමැතිකම් අත්අරින්න සුබ දවසකුත් සොයාගෙනය කියලත් සමහරු කියනවා... ඒ නැකත උදාවෙන්නෙ මේ මාසෙ දෙවැනි සතියෙ දවසකය කියලත් ආරංචියි...

මේ කතාවල ඇත්ත නැත්ත ලබන 11ද 12දයින් පස්සෙ දැනගන්න පුළුවන්ලු.