2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

ඔළු මාරු කතාවක්

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 701

ඔළු මාරු කරලා ආණ්ඩු හදන්න පුළුවන් කියලා පසුගිය දවසක කිව්වෙ හිටපු ලොකු තැන... ඒත් දැන් තිරය පිටුපසින් ඇහෙන්නෙ වෙන කතාවක්...

අලි පාටියෙ කස්ටිය දැන් තියන හවුලෙ අවුල ගැන තේරිලා එයාල තනියම ආණ්ඩුවක් හදන්න යනවය කියන කතාවයි ඒ...

තමන්ට තියන කවුන්සිලේ ආසන ගණන 106 ඉඳල 115 දක්වා ඉහළ නංවාගන්න එයාලගෙ පිරිසක් උත්සාහ කරනවය කියලා මේ අමුතු පුවත ගැන තතු දත් අය කියනවා.

උතුරෙ ඩගීල - වතුකරේ තොණ්ඩල වගේ කස්ටියත් මේ වැඩේට දායක වෙනවය කියලා කියනවා. ගිය අයවැයේදිත් එයාල හිටියෙ ආණ්ඩුවත් එක්කයි... ඒ වුණත් දැනට රජයට උදව් දෙන දෙමළ සන්ධානෙ ඩගීටත් දිගා ඇමති තොණ්ඩටත් විරෝධය පෑම ලොකු ප්‍රශ්නයක්ය කියලත් සමහරු කියනවා...

කෙසේ වෙතත් මේ තනි ගමනෙ කතාව අහපු අත්තනගල්ලෙ ලොකු නෝන බොහොම කලබොලවෙලා සමගි ආණ්ඩුව තවදුරටත් ගෙනියන්න පිඹුරුපත් සකස් කරමින් ඉන්නව කියලත් ආරංචියි. කොහොමහරි මහ පක්ෂ සේරම ජනවාරි 26 දා සිද්ධවෙනවය කියන සෙනසුරු මාරුව හමාර වෙනකම් මේකට අතගහන්නෙ නැතිලු...