2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

එපා කියූ පූජාව

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 840

මෙතෙක් කලක් (හක්ගෙඩිය) පක්ෂයෙ හිටපු උදවිය එකපාරටම පක්ෂයෙන් ඉවත්වුණා. එහෙම ඉවත්වුණේ එයාලත් ටැලිෆෝන් පාටියටම සැට්වෙලා එතන මහා මණ්ඩලේ පට්ටම් භාරගන්නය කියලයි කතාව යන්නෙ....
කොහොම නමුත් එයාල හක්ගෙඩිය පාටියෙන් ඉවත්වෙද්දී ඒක භාරදෙන්න නමක් තියෙන වැදගත් උගත් යතිවරයෙක් ගැන සොයල බැලුවලු...

මෙහෙම සොයාගෙන සොයාගෙන යනකොට ආචාර්ය පට්ටමක් එහෙම දරන සරසවි ඇදුරු තනතුරකුත් ඇති යතිවරයෙක් හම්බවුණා. හැබැයි පසුගිය කාලෙ පුරාම මේ යතිවරයාණන් වහන්සේ වැඩකළේ පොහොට්ටු මතවාදයත් එක්කයි...

කොහොමින් කොහොම හරි හක්ගෙඩියෙ කස්ටිය උන්වහන්සේගෙ වැදගත්කම සැලකිල්ලට අරන් එතුමන්ට (හක්ගෙඩිය) පක්ෂය භාර අරන් නායක පුටුවෙ වැඩ හිඳින්න කියල ආරාධනා කළා.

උන්වහන්සේ ආරාධනාව භාරගත්තොත් පොහොට්ටු පක්ෂයට ප්‍රබල යතිවරයෙක් අහිමිවීමත් හක්ගෙඩිය ශක්තිමත් වීමත් සිද්ධ වෙන නිසයි මේ ආරාධනාව කළේ...

නමුත් හක්ගෙඩියෙ කස්ටිය කොයිතරම් පෙරැත්ත කළත් මේ යතිවරයාණන් වහන්සේ හක්ගෙඩියෙන් ලැබුණ ඇරැයුම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා හක්ගෙඩිය එක්ක හිටපු හිමිනමකටම මේ තනතුර පූජා කළ බවයි ආරංචි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00