2020 ජුලි 18 වන සෙනසුරාදා

ඇතුල්කට්ටලේ වලියක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 843

සමගි බලවේගේ ප්‍රකට පොරක් ඒකේ ඉහළම කෙනකුට තැන් තැන්වල දොස් පරොස් කිය කිය යනවලු. ඒකට හේතු ගොඩක් බලපාලා තියෙනවා. ආසන්නම හේතුව මහ මැතිවරණය තවදුරටත් කල් දමන්න කියලා ඔය කියන ඉහළ බලවතා තැන් තැන්වල කිය කියා යන එකලු.

ඒ ගැන කේන්තියට පත් මේ දේශපාලන භවතා තමන්ගේ ප්‍රධානියාගේ මේ කතාව පක්ෂයේ මතය නෙවෙයි කියලත් කියන්න පටන් අරන් බවයි ආරංචි...

විශේෂයෙන්ම පක්ෂයේ ඔය කියන ප්‍රධානියා මාධ්‍ය එක්ක ඇයි හොඳයියක් නැති එක ගැනත් එයා ඉන්නේ අප්සෙට් එකේ...

ඒ අප්සෙට් එක පිට එයා අලිපාටියේ මහ ලොක්කා මේ වගේ ප්‍රශ්න ගැන වැඩ කරන විදියත් අගය කරනවලු...

මේක දැන් ඔය පාටියේ විවෘත රහසක් වෙලා... පක්ෂයේ ඉහළ තැන් එක්ක මේ විදිහට ඔට්ටු වෙන්නෙත් එසේ මෙසේ පොරක් නෙවෙයි. දේශපාලන ෆීල්ඩ් එකේ වගේම රණබිමේත් වැඩ පෙන්වපු වැඩකාරයෙක්... රටේ ප්‍රබලම දේශපාලන චරිතවලටත් අභියෝග කළ කෙනෙක්...

අපි අහලා තියෙන විදිහට උන්නැහේගේ කටටත් බ්‍රේක් නැහැ... ඒ නිසා මේ ජරමරය ඉස්සරහටත් පැවතුණොත් හොඳ හොඳ කතා ටිකක් අහගන්න පුළුවන් කියලයි තතු දත් අය කියන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00