2016 අගෝස්තු 24 වන බදාදා

පා ගමනෙ කී දෙනෙක් ආවද?

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 227

 

රටේ ලොකු මහත්තයාට විපක්ෂයෙ පා ගමනට සහභාගි වුණ ඇත්තම ගණන දැනගන්න ඕනෑ වුණාලු....
බුද්ධි අංශ වාර්තා දේශපාලන ආරංචි හිතවතුන්ගේ තොරතුරැවලින් ලැබුණ ආරංචිවල තිබුණෙ පරස්පර ගණන් මිණුම් නිසා මේක දැනගන්න උන්නැහේ ක්‍රමයක් කල්පනා කළා. එහෙම කල්පනා කරලා ඒකාබද්දෙ ඉන්න පා ගමන සංවිධානෙට ලොකුවට මහන්සි වුණ පා ගමන වෙලාවෙ හෙල්මට් නැතුව මෝටර් බයිසිකල්වල යමින් ලොකු රෝල් එකක් කරපු හිටපු ඇමැති සයිස් පොරකට කතා කළා.
උඩරට පළාත නියෝජනය කරන හොඳ කටක් තියෙන හිටපු ඇමැති සයිස් මුන්නැහේගෙන් රටේ ලොකු මහත්තයා &මේ මට ඇත්ත කියනවා... ඔයාලගෙ පා ගමනෙ ඇත්තටම කොච්චර සෙනගක් ආවද?* කියල කෙළින්ම ඇහුවා.
ඒ ප්‍රශ්නෙන් අඤ්ඤොකොරොස් වෙච්ච උඩරට කටකාරයා වටපිට බලලා හෙමින් කුටු කුටු ගාල ගණනක් කිව්වලු.... රටේ ලොකු මහත්තයා ගණන අහගෙන ඒකත් එහෙමද කියල ටෙලිෆෝන් එක තිබ්බලු.