2016 අගෝස්තු 24 වන බදාදා

සල්ලි එපා සර්

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 348

 

හිටපු ලොකුතැන කොරියාවට යනකොට ගුවන්තොටුපොළේ අති විශේෂ අමුත්තන්ගෙ මැදිරියෙදි කෝපි බඳුනකට රැපියල් 4500ක බිලක් දුන්න කතාව හැමෝම දන්නවා....
මේ බිල ගෙවලා කෝපි කෝප්පයක් බීලා කොරියාවට ගිය හිටපු ලොකු තැන පසුගිය දවසෙ සංචාරය හමාර කරල ආපහු කටුනායකට ආවා.... ඇවිල්ල සුපුරැදු විදියටම අති විශේෂ අමුත්තන්ගෙ මැදිරියට ආවෙ තමන්ගේ ගමන් බඩු බෑග් එහෙම එනකම්....
එතකොට උන්නැහේට ආයෙමත් කෝපි කෝප්පයක් බොන්න හිතිලා එතන ඩියුටි භාරව හිටපු නිලධාරි මහත්තයට කිව්වා කෝපි එකක් ගේන්න කියලා.
සුපුරැදු විදියටම කෝපි ගෙනාවා. උන්නැහේ කෝපි කෝප්පෙ බිව්වා. බීල ඉවරවෙලා පිටත්වෙන්න හදනකොට හිටපු ලොකුතැනගෙ කාර්ය මණ්ඩලේ නිලධාරියෙක් රැපියල් පන්දාහක් අතට අරන් මෙන්න කෝපි බීල මේකෙන් ගන්න කියලා කෝපි දුන්න නිලධාරිතුමාට කිව්වා. ඊට පස්සෙ උන්නැහේ මෙහෙම කිව්වලු.....
&අපොයි සර් සර්ගෙන් මොන සල්ලිද? සල්ලි එපා සර්. අපි සල්ලි ගන්නෙ නැහැ....* කියලා &ඉතින් අපෙන් යනකොට ගත්තා වගේ ගන්න.* හිටපු ලොකු තැන ආපසු කිව්වා....
&පිස්සුද සර්... සර්ගෙන් මොන සල්ලිද?* කිව්ව නිලධාරි මහත්තයා දැන් යන්න සල්ලි එපා කියලා හිටපු ලොකු තැනට සමුදුන්නා....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00