2016 අගෝස්තු 24 වන බදාදා

ඇමැති කට්ටියකගෙ පැමිණිල්ල

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 157

 

ආණ්ඩුවෙ ඉන්න බුලත් කොළේ ඇමැති සයිස් කස්ටියක් රටේ ලොකු මහත්තයා හම්බවුණා. අතුරැදන් පනත දවසෙ වෙච්ච සංගදිය ගැන කතා කරන්නයි උන්නැහේලා ගියේ.
මේ ගැන ඇතිවෙච්ච කතාබහේදි ඇමැති කස්ටිය කිව්වෙ රටේ ලොකු මහත්තය නීති දෙපාර්තමේන්තුව හරහා හදලා දුන්න සංශෝධන පනතට ඇතුළත්ද නැත්ද බලන්න කියලයි.
ලොකු මහත්තයගෙ සංශෝධන නැහැ කියලා ලොකු කතාවක් තියන නිසා ඒව නැතුව නම් පනත ක්‍රියාත්මක කරන්න එපා කියලත් ඉල්ලීමක් කළාලු....
&එදා පනත සම්මත කළ මොහොතෙ වෙච්ච කලබගෑනිය නිසා ඒක සිද්ධවෙලා නැත්නම් නැවත ඒව ගේන්න වෙයි... නැත්නම් හරියන්නෙ නැහැ කියලා* ලොකු මහත්තය ඊළඟට කිව්වලු.