2019 ජුනි 22 වන සෙනසුරාදා

හුළං බැස්ස හෙළිදරව්ව

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 1095

පසුගියදාක අලි පාටියේ කටකාර මන්තිරිතුමෙක් ඇමැති කෙනෙක් ගැන හෙළිදරව්වක් කරන බවට ලොකු ඝෝෂාවක් දැම්මා.

අන්තිමේදී හෙළිදරව්ව කරනවා කිව්ව දවසේ මුකුත්ම සිද්ධ වුණේ නැහැ... නිකම්ම කතන්දරේ හුළං බැස්සා.

ඒකට හේතුව අලි පාටියේ ඉහළම තැනකින් මේ කටකාර මන්තිරි තැනට දාපු ලොකු බරබරයක් කියලා කියවෙනවා..

ඒ හුටපට සිද්ධ වෙද්දි තවත් මන්තිරිගොල්ලක් සොයලා බැලුවේ මෙයා මේ විදිහට හෙළිදරව්වක් කරන්න යන්නේ කාගැනද කියලයි.....

අන්තිමේදී ඒ ගැන හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්න ලැබුණේ මේ කතන්දරේට මුල් වුණේ දකුණු පළාතෙන් පත්වුණ අලි පාටියේම ඇමැති කෙනෙක් කියලයි.

හෙළිදරව්ව කරනවය කිව්ව ඌවේ විජේ මන්තිරි තැන ඒ ඇමැතිගෙන් එක්තරා දේපොළක් ඒ කියන්නේ ඉඩමක් සම්බන්ධයෙන් කරපු ඉල්ලීමක් ඉටු නොවීම නිසා මල පැනපු මන්තිරිතුමා මේ හෙළිදරව්ව කරන්න සැරසුණ බවක් ආරංචි වුණා.

අන්තිමේදී පාටියේ ඉහළම තැන්වලින් මැදිහත් වෙලා හෙළිදරව්වයි ඒකට සම්බන්ධ දේපොළ ගනුදෙනුවයි දෙකම නැවැත්තුවලු...

කරුණාබර දකුණෙ ඇමැතිතුමා ඒ නිසා ගැලවුණා කියලා දියවන්නා කවුන්සිල් ලොබියේ කතාවක් ගියේ ඒ එක්කමයි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00