2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කොරේ පිටට මරේ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 931

පසුගිය දවසක ආණ්ඩුකාර පට්ටම් අහිමිවුණු අය අතරෙ ප්‍රසිද්ධ කටකාරයෙක් හිටියා. උන්නැහේට පුටුව අහිමි වුණේ කකුල් දෙක දෙපැත්තෙ තියන් හිටපු නිසා කියලයි ප්‍රචාරයක් ගියේ... ඒ කතාවෙ තරමක ඇත්තකුත් තියෙනව. ඊටත් වඩා තවත් හේතුවක් තියෙන බව රටේ ඉහළ තැන්වලට සම්බන්ධ උදවිය කියනවා...

උන්නැහේ ආණ්ඩුකාර පට්ටමේ ඉන්න ගමන් හොරෙන්ම පොහොට්ටුවෙ න්‍යායාචාර්යතුමා හම්බවුණාලු. ඊටපස්සෙ පොහොට්ටුවෙන් කළුතර දිසාවෙ ආසනේක සංවිධායක තනතුර ඉල්ලා සිටියලු... නමුත් පොහොට්ටුවෙන් එයාගෙ ඉල්ලීම ඉටුකරන්න බැහැ කියන උත්තරේලු ලැබුණෙ. මෙතෙක් කල් තමන් එක්ක වැඩ කරපු අය ඉඳිද්දී පක්ෂයට කිසිම දෙයක් නොකරපු කෙනකුට සංවිධායක පට්ටමක් දෙන්න පොහොට්ටුවෙ උදවිය සතුටු වෙලා නැහැ...

කොහොමින් කොහොම හරි රටේ ලොකු මහත්තයා එක්ක ඉන්න බව අඟවමින් එයාගෙන් තනතුර අරන්... හිටපු ලොකු නෝනත් එක්කත් පයිරැ පාසානම් ඇතිකරගෙන... පොහොට්ටුවටත් පනින්න ගිය මුන්නැහේ අන්තිමට ආණ්ඩුකාර පුටුවෙන් බිමටම වැටුණා. ඊට පස්සෙ එයා ඊට වඩා පොඩිපුටුවක වාඩිකෙරෙව්වා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00