2019 ජනවාරි 12 වන සෙනසුරාදා

දුකයි අප්පා

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 599

රටේ ආණ්ඩුකාරයෙක් වෙන එක ලොකු නම්බුවක් නිසා එයින් එකකට සැට්වෙන්න ට්‍රයි කළ දහ දොළොස් දෙනා අතරෙ අපූරු චරිත කිහිපයක් හිටිය කියල තතු දත් අය කියනවා.

උතුරේ මේ පුටුව බලාපොරොත්තු වුණු එක්තරා ව්‍යාපාරික ලිංගම් කෙනෙක් රටේ ඉහළම තනතුරක් දරණ මහත්තයෙක් මහනුවර පැත්තෙ නිල මැඳුරක ඉන්නකොට එහේ ගිහිල්ල තුන් හතර වතාවක් ලොකු තැනට නමස්කාර කරල... මේ තනතුර ලබාදෙන්න කියල ආයාචනා කළාලු. ඒ කතාවට හිටපු ලොකු තැනගෙ නමත් ඈඳල උන්නැහෙත් තමන්ට කැමතිය කියල මේ ලිංගම් කිව්වට වැඩේ සිද්ධ වුණේ නැහැ..

ඊළඟට තවත් පොරක් දිව්රුම් දෙන දවසෙ ලංකාවෙ මාධ්‍යවල ලොකුවටම දැන්වීම් පළකරමින් ලොකු මහත්තයට මාරෙට සුබ පැතුව... එයා දැනටත් තානාපති පට්ටමක් දරන පොරක්ලු. කොච්චර කඩේ ගියත් එයාගෙ වැඩෙත් වතුරෙ ගියා...

ඊටත් වඩා හපන් කාරණාව තමයි දෙවි දේවතාවොත් එක්ක ගනුදෙනු කරන ලොකුම තැන්වලට හිතමිත්‍රව ඉන්න කෙනකුටත් රතු එළිය පත්තුවීම... නමුත් ඒ අයට සැනසෙන්න පොඩි ඉඟියක් ලැබුණු බවත් ආරංචියි. එයින් කියැවුණේ හෙට අනිද්දා අපි මොනව හරි බලමු කියලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00