2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ක‍්‍රීඩා ඇමැති ඉගෙන ගත්ත පාඩම

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

"ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් මම පාඩමක් ඉගෙන ගත්තා. නැවත නම් මුදල් නාස්ති කරලා මෙවැනි කණ්ඩායම් සහභාගි කරන්නේ නෑ" යැයි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා දැවැන්ත කණ්ඩායමේ අසාර්ථකත්වය හමුවේ පැවසීය. 

ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට මේ වනවිට සූදානම් වෙමින් සිටියි. මෙම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 27 ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව ක‍්‍රීඩා 26 කට සහභාගි වීමට අදහස් කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවද මේ වනවිට ඔවුන්ගේ හිතවත් ක‍්‍රීඩා සංම් ද එකතු කරගනිමින් ‘මෙගා’ කණ්ඩායමක් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. 

ඕස්ට්‍රේලියාව වැනි සුපිරි රටවල්වල පැවැති ක‍්‍රීඩා උළෙල සඳහා ද ඔලිම්පික් කමිටුවේ ඇතැමුන්ගේ හිතවතුන් වන ක‍්‍රීඩා සංගම්වල නිලධාරීන් සහ ඇතැමුන්ගේ රියැදුරන් ද සහභාගි කරවූ බවට මීට පෙර චෝදනා එල්ල විය. ක‍්‍රීඩා අමාත්‍යංශය පසුගියදා ක‍්‍රීඩා සංගම් 26 ක් කැඳවා දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා සංචිත සූදානම් කරන ලෙස දැනුම්දී තිබේ. ඒ අනුව ක‍්‍රීඩා සංගම් මෙම මස අග සිට එම ක‍්‍රීඩාවල ජාතික සංචිත තේරීම් ආරම්භ කරනු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වෙයි. 

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල යනු ශ්‍රී ලංකාවට සහභාගි විය හැකි තරගකාරිත්වයෙන් අඩුම ක‍්‍රීඩා උළෙල මෙන්ම ශ්‍රී ලංකාව වැඩි පදක්කම් දිනන ක‍්‍රීඩා උළෙල ද වේ. ඒ හේතුවෙන් මෙම ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වැඩි සංඛ්‍යාවක් සහභාගි කරවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙවර ක‍්‍රීඩා උළෙලට විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියක් ඇතුළත්ව තිබේ. ඒ හේතුවෙන් නිරායාසයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ‘මෙගා’ කණ්ඩායමක් බවට පත්වේ. ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී අනවශ්‍ය පුද්ගලයන්ගේ සහභාගිත්වය පාලනය කළ යුතුව තිබේ. 

මෙම ක‍්‍රීඩා උළෙල නේපාලයේ කත්මන්ඩු සහ පොකාරාහිදී ලබන වසරේ මාර්තු මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00