2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාව සමඟ T20 තරග 3ට ඕස්ට්‍රේලියාවේ වැඩකාරයෝ නෑ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම ආරෝන් ෆින්ච්ට පැවැරී ඇත. ඕස්ට්‍රේලියේ කණ්ඩායමේ නිත්‍ය නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නොමැති වීමෙන් මෙලෙස ආරෝන් ෆින්ච්ට නායකත්වයේ වගකීම පැවැරීමට ඕස්ට්‍රේලියා බලධාරීහූ කටයුතු කළහ. 

ශ්‍රී ලංකාව එරෙහිව තරග වදින ඕස්ට්‍රේලියා කණ්ඩායම පසුව නම් කිරීමට නියමිත වූ අතර කාල ප්‍රශ්නයක් හේතුවෙන් මෙලෙස නායකත්වය ආරෝන් ෆින්ච්ට දීමට සිදුව ඇතැයි වාර්තා වේ. මෙම පන්දුවාර විස්සයි විස්ස තරගය අවසන් වනවාත් සමඟම ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිප දෙනකු එක්වනු ඇතැයි වාර්තා වේ. 

ස්මිත්, වෝනර්, මිචෙල් ස්ටාර්ක්, ග්ලේන් මැක්ස්වෙල්, ජොෂ් හැසල්වුඩ්, උස්මාන් කවාජා සහ මිචෙල් මාෂ් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සූදානම් වන බැවින් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට සහභාගී නොවනු ඇත. 

ශ්‍රී ලංකාව සමඟ පන්දුවාර විස්සයි තරගාවලිය අවසානයත් සමඟ ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලිය ඇරුඹීම නිසා ඕස්ට්‍රේලියාව දැඩි අපහසුතාවකට පත්ව සිටී. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය පෙබරවාරි 22 ඇඩිලේඩ්හිදී පැවැත්වෙන අතර ඉන් පසු දින ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය. 

මෙම තරග කාලසටහන හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් නොසතුටට පත්ව ඇතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කාර්යබහුල තරග කාල සටහන හේතුවෙන් ආරෝන් ෆින්ච් තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලියේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දෙනු ඇත. වැඩ බලන නායක ලෙස පත් කළ මැතිව් වේඩ් ආබාධයක් හේතුවෙන් ඉවත් වීම නිසා සඳුදා (30) ආරම්භ වූ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දීද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද ආරෝන් ෆින්ච්ය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙස ජස්ටින් ලැන්ගර් කටයුතු කිරීමට නියමිත අතර රිකි පොන්ටින් සහ ජේසන් ගිලෙප්සි ඔහුගේ සහායකයෝ ලෙස එක්වෙති. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 17 වැනිදා මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතය. 

♦ හර්ෂණ තුෂාර සිල්වා
ක්‍රික් ඉන්ෆෝ ඇසුරිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00