2018 ජුලි 14 වන සෙනසුරාදා

චන්දිමාල් - හතුරු - ගුරා තරග දෙකක තහනමකට

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පසුගිය බදාදා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ ටෙස්ට් තරග දෙකක තහනමකට යටත් කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගත්තේය.

මෙම තීරණයත් සමඟ එම තිදෙනාට දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වෙති. 

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ ස්භාවය වෙනස් කළේ යැයි කියන සිද්ධියත් සමඟ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද කිරීමේ චෝදනාවට එම තිදෙනා වරදකරුවන් වීමෙන් මෙම දඬුවම පැනවා තිබේ.

දිනේෂ් චන්දිමාල්ට පන්දුවේ ස්වභාවය වෙනස් කිරිමේ චෝදනාවට කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය ද තහනම් වූ අතර ඒ අනුව එම සිද්ධියට චන්දිමාල්ට ටෙස්ට් තරග තුනක් තහනම් විය. 

මෙම දඩුවමෙන් පසු දින එනම් පසුගිය බ‍්‍රහස්පතින්දා ගාල්ලේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වූ අතර එහිදී සුරංග ලක්මාල්ට නැවතත් නායකත්වය බාරගැනීමට සිදුවිය. 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු ලෙස පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර මහතා පත්කර තිබුණි. කළමනාකරුවකු නිල වශයෙන් පත්කර නොතිබුණ ද ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක‍්‍රිකට් බාර නිලධාරී චන්දිම මාපටුන මහතා තාවකාලික කළමනාකරු ධූරයට පත්කිරීමට නියමිත බව වාර්තා විය. 

►යොහාන් භාසුර

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00