2018 ජුනි 09 වන සෙනසුරාදා

විජයබාහු මෝටර් ක්‍රොස් ජූනි 17දා

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

විජයබාහු මොටෝක්‍රොස් - 2018 16 වැනි වරටත් ජූනි 17 වැනිදා විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ධාවන පැදිකරුවන්ගේ සංගමය හා විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව තරගාවලිය සංවිධානය කරයි.

ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති, මධ්‍යස්ථාන සේනා විධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් හා සෙසු නිලයන්ගේද සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන තරගාවලියට ප්‍රසිද්ධ යතුරුපැදි ධාවනකරුවන් සමඟ ජාත්‍යන්තර මට්ටමේ විදේශීය ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිතය.

ජාතිය වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා මෙහි අරමුදල් බාර කෙරෙන අතර විජයබාහු මොටෝක්‍රොස් - 2018 සඳහා අනුග්‍රාහක භවතුන් වශයෙන් ටී.වී.එස්. ලංකා සමාගම, මාස් හෝල්ඩිංග්ස් සමාගම, ඒසර් මාර්කටින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, හචිසන් සමාගම, හොන්ඩා, අලියා බීම, සියැට් කැලණි ඉන්ටර්නැෂනල්, නයිට් හාර්ට් සමග තවත් ව්‍යාපාරික ආයතන රැසක් අත්වැල් බැඳගෙන සිටී.

♦ විල්තෙර

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00