2018 මැයි 12 වන සෙනසුරාදා

අලුත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ කරපිටින් ගියේ පරණ පව්?

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පසුගිය සතියේ සිකුරාදා රාත‍්‍රී ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට පියවරගත් බව නිවේදනය කර තිබුණි. එම නිවේදනයද අමාත්‍යවරයා වැඩ බලන කාලයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කළ නිවේදනයට අත්වූ ඉරණම අත්වේදැයි බලා සිටීමට සිදුවේ.

“ක‍්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කර නෑ. ඡන්දයෙන් පත්වූ සංගමයකට අතුරු කමිටුවක් පත්කරනවා නම් දහපාරක් හිතන්න ඕනේ” යැයි ක‍්‍රීඩා අමාත්‍යවරයා පළමු මාධ්‍ය හමුවේදී පැවසීය. එම මාධ්‍ය හමුවේදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් කටයුතු මඟ හැරි ක‍්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ට එරෙහිව අනිවාර්යයෙන් පියවර ගන්නා බවයි.

එහිදී ෆයිසර් මුස්තාපා මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයා සතු බලතල ඉවත්කිරීමට කටයුතු කරන බවද පැවසීය. ජාතික කණ්ඩායම්වලට අනුමැතිය ලබාදීමේ බලය කමිටුවකට පැවරීමට කටයුතු කරන බව ඇමැතිවරයා එහිදී ප‍්‍රකාශ කළේය. 
සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය සති අන්තයේ පැවැති දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා කණ්ඩායමට අවශ්‍ය පහසුකම් නොලැබුණේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවූ බව වාර්තා වේ. ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරට පත්ව මාස කිහිපයකි. ඔහුගේ සේවය අත්හිවූයේ කුමන පදනමක් යටතේද යන්න පැහැදිලි කළ යුතුව තිබේ.  

කෙසේ වෙතත් ක‍්‍රීඩා අමාත්‍යවරයා අසලම රැඳෙමින් මාධ්‍ය හමුවට සහභාගි වූ ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් තනතුරක් දරණ නිලධාරියකු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධයේ චෝදනා එල්ල වුවද ඔහු පිළිබඳව මෙම සටහන තබන මොහොත දක්වා තීරණයක් ගෙන නොතිබුණි.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන නිලධාරිනියකට එරෙහිව පරීක්‍ෂණ කමිටුවක් මගින් නිර්දේශ කළ දඬුවමක් සැඟවීමේ සිද්ධියක් ද මෙහි එළියට පැන්නේය. අදාළ නිලධාරිනිය මේ දක්වා කිසිදු ප‍්‍රශ්නයක් නොමැතිව කටයුතු කරමින් සිටින්නීය. ක‍්‍රීඩා අමාත්‍යංශය පාලනය කිරීමට ක‍්‍රීඩා නොකිරීම එතරම් බාධාවක් නොවේ. අවශ්‍ය වන්නේ සෘජුව කටයුතු කිරීමය.

♦ සටහන: වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00