2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට 10 වැනි වරටත් ප‍්‍රීමා අනුග‍්‍රහය

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය වාර්ෂිකව සංවිධානය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට පිටපිටම 10 වැනි වරටත් අනුග‍්‍රහය දැක්වීමට සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගම (ප‍්‍රීමා ශ‍්‍රී ලංකා සමාගම) ඉදිරිපත්ව සිටියි.

‘ප‍්‍රීමා සන්රයිස් බ්‍රෙඩ්’ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 13, 14 සහ 15 යන තෙදින කොළඹ රාජකීය ගොල්ෆ් සංගම් පිටියේදී පැවැත්වේ. වයස 15ත් 18ත් අතර, වයස 12ත් 14ත් අතර, වයස 10ත් 11ත් අතර සහ වයස 9ට අඩු ලෙස වයස් කාණ්ඩ හතරක් යටතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 80ක පමණ තරගාවලියට සහභාගි වීමට නියමිතය. 

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ සාමාන්‍යාධිකාරී සූන් ටියෙන් මහතා විසින් අනුග‍්‍රහක චෙක්පත ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ප‍්‍රියත් ප‍්‍රනාන්දු මහතාට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර හා අලෙවි කළමණාකරු සජිත් ගුණරත්න මහතා ද මෙහි සිටියි.

I භාසුර