2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

මලල ක්‍රීඩා පුහුණුවට ඉන්දියාවට යන්න වෙලා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

සමස්ත ආසියාවේම එකම කෙටිදුර ධාවන ඔලිම්පික් පදක්කමට හිමිකම් කියන ශ්‍රී ලංකාවට මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියක් පැවැත්වීමට සුදුසු ධාවන පථයක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ලබන වසරේ පෙබරවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම තේරීමේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රීඩාංගණය වන සුගතදාස ක‍්‍රීඩාංගණයේ ධාවන පථය නැවත එළීම දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිතව තිබුණද එය ලබන මාර්තු මස දක්වා අවසන් කළ නොහැකි බව ඉදිකිරීමේ කොන්ත‍්‍රාත් සමාගම දැනුම්දීමෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ. මාසකට අධික කාලයක් පවතින වර්ෂාව මෙම ප‍්‍රමාදයට හේතුව ලෙස ඉදිකිරීමේ කොන්ත‍්‍රාත් සමාගම පෙන්වාදී ඇති බව දැනගන්නට තිබේ.

වර්තමානයේ මලල ක‍්‍රීඩා තරග පවත්වන දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ ධාවන පථය ජාත්‍යන්තර තරගාවලියකට සුදුසු තත්ත්වයක නොමැති බව මලල ක‍්‍රීඩා ප‍්‍රවීණයෝ පවසති. මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලියකට පුහුණුවීම සඳහා පහසුකම් නොමැති තත්ත්වයකට පත්ව තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල  ඕස්ට්‍රේලියාවේදී ලබන වසරේ (2018) අප්‍රේල් මස පැවැත්වීමට නියමිතය.   

I සටහන: භාසුර