2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

එක්සත් අරාබි වන්දනාවට 20ක් ගිහින්!

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන පාකිස්තානු තරග නැරඹීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සාමාජිකයන් ඇතුළු 20කට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. එක්සත් අරාබි වන්දනාවේදී එම පිරිස දින 20 කට ආසන්න කාලයක් ගතකරන බවත් ඇතැමුන් මේ වනවිටත් පිටත්ව ගොස් ඇති බවත් ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 

එම පිරිසේ සියලුම වියදම් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දරණ බවත් එහිදී එක විධායක කමිටු සාමාජිකයකු සංචාරයේ දීමනාව ලෙස ඩෝලර් 7000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 10 පමණ මුදල් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පිටත්ව ගොස් ඇති බොහෝ දෙනකු කාර්යභාරයක් නොමැති අය බවයි. 

I විශේෂ ලියුම්කරුවකු විසින්