2017 ජුලි 01 වන සෙනසුරාදා

කිසිම තහනමක් නැති මාලිංගගේ තහනම

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග යන දෙපළ සැනසීම සඳහා පසුගිය අඟහරුවාදා මාලිංගට අත්හිටුවූ තරග තහනමක් පැනවීමෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තව දුරටත් විහිළු සපයන ආයතනයක් බවට පත්ව තිබේ. එම දඬුවමට අමතරව මාලිංගට තරගයක මුදලින් 50% ක දඩයක්ද පනවා තිබේ. 

මෙම දඬුවමේ කැපී පෙනෙන තත්ත්වය වන්නේ මාලිංගට, කිසිදු තරගයක් තහනම් නොවීමය. ඔහු පසුගිය සිකුරාදා සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියේය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය එකිනෙකාගේ පිට කසා ගන්නා බව ප‍්‍රසිද්ධ රහසකි. එම දඬුවමත් සමඟ ක‍්‍රිකට් ආයතනයේ ක‍්‍රීඩකයන්ගේද පිට කැසීම ආරම්භ කර ඇති බව පෙනේ. කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ක‍්‍රිකට් ලොක්කෙක් ප‍්‍රසිද්ධියේ ක‍්‍රීඩකයන් වර්ණනා කළේය.  

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00