2017 ජුලි 01 වන සෙනසුරාදා

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලියට අයදුම්පත් කැඳවයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

නවතම රටාවකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අන්තර් ජාතික ක්‍රිකට් ලෝක ශූරතාවලිය දෙසැම්බර් මාසයේ 09 වැනිදා සිට 15 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වීමට නියමිතය. මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ලාස්ට් මෑන් ක්‍රිකට් සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා පවත්වනු ලබන සුදුසුකම් ක්‍රිකට් තරගාවලිය අගොස්තු මස 20 වැනිදා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. 2017 ජූලි මස 10 වැනිදා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වන අතර එදින පෙර අයදුම්පත් යොමු කළ යුතුය.

ක්‍රිකට් ක්‍රීඩාව නවතම රාටාවකට ක්‍රීඩා කරනු ලබන ලාස්ට් මෑන් ක්‍රිකට් ක්‍රීඩාව 2005 එංගලන්ත ජාතිකයන් දෙදෙනකු වන වේන් ග්‍රීව් සහ බීජෝන් බ්‍රිග්ස් ආරම්භ කිරීමත් සමඟ මේ වනවිට රටවල් 14කක් පුරා ව්‍යාප්ත වී ඇත. අන්තර්ජාලය හරහාද දැනට ක්‍රීඩකයන් 90,000ක් පමණ ලියාපදිංචි ක්‍රිඩකයන් ලෙස ක්‍රිඩා කරනු ලබන අතර සෑම වසර දෙකකට වරක් ලෝක ශූරතාවලිය පවත්වනු ලබයි. මෙවර 2017 ලෝක කුසලාන ශූරතාවලිය පවත්වනු ලබන්නේ දකුණු අප්‍රිකාවේ කේස් ටවුන් නුවරයි. 

එක් කණ්ඩායමකට 08 දෙනකු පමණක් සහභාගිවන මෙම T20 නව තරග රටාවේ එක් පන්දු 5ක් ලබාදෙන අතර එක් තරගයක් පැය දෙකකට පමණක් සිමා වන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ තියුණු බව වැඩි කිරීම සඳහා නීති රීති සුළු ආකාරයෙන් වෙනස් කර ඇත. තරගාවලියේ සුවිශේෂී අංගයක් වන්නේ තරගකරුවන් ශ්‍රේණිගත කිරීමට සහ තරගාවලියේ සියලු තරග සජීවීව අන්තර්ජාලය හරහා නැරඹීමට හැකිවීමයි. 

ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩාව නව මුහුණුවරකින් ක්‍රීඩා කිරීම සඳහා මුල්වරට හඳුන්වා දෙනු ලැබුවේ ශෙරාන් ප්‍රානාන්දු සහ ජෝස් හෝර් දෙදෙනාය. 2016 ඔක්තෝම්බර් මාසයේ පළමු තරගාවලිය පැවැත්වුණු අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් සහභාගී විය. හේෂාන් ෆෙලෙක්සි සහ යූබී ෆිනෑන්ස් කණ්ඩායම ශූරතාවලිය සමග මුදලින් රුපියල් 150,000ක් ජයග්‍රහණය කරන ලදී. 

දෙවැනි තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගි වූ අතර හේෂාන් ෆෙලෙක්සි කණ්ඩායම ශූරතාවලිය සහ යූබි ෆිනෑන්ස් අනු ශුරතාවලිය සහ මුදලින් රුපියල් 120,000ක් දිනා ගන්නා ලදී. මෙම තරගාවලිය සඳහා ලාස්ට් මැන් ස්ටෑන්ඩ්ස් අන්තර් ජාතික ක්‍රීඩකයන්ද සහභාගි වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා මෙහිදී ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී. මේ තරගාවලිය කොළඹ පී. සරවන මුත්තු ක්‍රිඩාංගණයේදී පවත්වන ලදී.

ලාස්ට් මෑන් ශ්‍රී ලංකා තෙවන තරගාවලිය 2017 ජුනි මස 21 වැනිදා පැවැත්වූ අතර මේ සඳහා කණ්ඩායම් 16ක් සහභාගි විය. හේෂාන් ෆෙලෙක්සි - ඒ කණ්ඩායම ශුරතාව සහ සැසායර් ක්‍රිකට් කණ්ඩායම අනුශූරතාව හිමිකරගත් අතර මුදලින් රුපියල් 450,000 හිමිකර ගන්නා ලදී.

මෙම ශූරතාවලියේ වැඩි විස්තර සඳහා අපගේ තරග කළමණාකරුවන් කසුන් වර්ණකුල මහතා (077-0514549), ශෙරාන් ප්‍රනාන්දු මහතා (0061431060665) සම්බන්ධ කරගත හැක. විද්‍යුත් තැපෑල srilanka@lasmanstands.com ශ්‍රී ලංකා ලාස් මෑන් වෙබ් අඩවිය වන www.lastmanstands.com/playcricketcolombo/ හෝ ශ්‍රී ලාංකා ලාස්ට් මෑන් ෆේස්බුක් ගිණුම වන Last Man Stands Sri Lanka T20 හරහා යොමු විය යුතුය.

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00