2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

මුස්ලිම් බාලිකා පාසල්වලිනුත් ක්‍රිකට් කණ්ඩායම්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බාලිකා ක‍්‍රිකට් ප‍්‍රවර්ධන වැඩසටහනේ සාර්ථකත්ව හේතුවෙන් මුස්ලිම් බාලිකා පාසල් ද බාලිකා ක‍්‍රිකට් ආරම්භ කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් අංශයේ ප‍්‍රධානී අප්සාරී තිලකරත්න මහත්මිය පැවසුවාය.

මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම් බාලිකා පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.  

බාලිකා ක‍්‍රිකට් ආරම්භ කරන්න දිනකට බාලිකා පාසල් දෙක තුනකින් මට ඇමතුම් ලැබෙනවා. ඒ අතර මුස්ලිම් බාලිකා පාසලකින්ද අපිට ක‍්‍රිකට් ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මුස්ලිම් පාසල්වලට පුහුණුකරුවන් පත්කරන විට කාන්තා පුහුණුකාරිණියන් පත් කළ යුතුයි. ඒ වගේ දේවල් තියෙනවා. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ කාන්තා ක‍්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් බාලිකා පාසල් ක‍්‍රිකට් වෙනුවෙන් මේ වන විට ඉටු කළ දේවල් සාර්ථක වෙලා තියෙනවා. අපි ගොඩක් සතුටු වෙනවා යැයි අප්සාරී මහත්මිය වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් අංශය සහ පාසල් ක‍්‍රිකට් සංගමය එකතුව බාලිකා පාසල්වලට ලෙදර් පන්දු ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බාලිකා පාසල් මහ ක‍්‍රිකට් තරග කීපයක්ද පැවැත්විණි.

සටහන: භාසුර