2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ෆේස්බුකියට ගිය පවුලේ ෆන් එක

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ෆේස්බුකියට ගිය පවුලේ ෆන් එක

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ සංචාරයේදී එම කණ්ඩායමේ නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකු අවසන් දින කීපයේ සිය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ සාද පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිය නිල හෝටල් කාමරයේ නවාතැන් පහසුකම් ලබාදෙමින් විශේෂ ආරාධිතයන්ගේ ප්‍රේක්ෂකාගාරවල තරග නැරඹීමේ අවස්ථාව ලබාදී ඇති බවද ඔහුගේ ෆේස් බුක් පිටුවේ ඡායාරෑප සාක්‍ෂි දරණ බව දැනගන්නට තිබේ.

ලකුණු කපාගත් ලකුණු සටහන්කරු

පාසල් බාලිකා ක‍්‍රිකට් කණ්ඩායම් දෙකක් අතර මොරටුවේදී පැවැති ක‍්‍රිකට් තරගයක ලකුණු සටහන් කළේ යැයි කියන පුද්ගලයකු ඔහුගේ සහයට පැමිණි ක‍්‍රීඩිකාවකට අසම්මත යෝජනා කර ඇති බවට පැමිණිළි ලැබී ඇති බව වාර්තා වේ. 

මෙම පුද්ගලයා කොළඹ ප‍්‍රධාන පිරිමි පාසලකට සම්බන්ධ වී සිටියදී ද මෙවැනිම චෝදනා එල්ල වූයේ යැයි කියයි. අදාළ පුද්ගලයා එහිදී පාසල් ක‍්‍රීඩිකාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා එල්වී ඇති බව වාර්තා වේ.  

එකට එක

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලොක්කාගේ ආසියානු තනතුරක් අහිමිවීම පිටු පස එකට එක කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ. පාපන්දු ලොක්කාගේ රහසක් මාධ්‍යයට හෙළි කිරීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

රහස හෙළි කිරීමට එකට එක කිරීමක් ලෙස හිටපු පාපන්දු ප‍්‍රධානියාව ආසියානු තනතුරෙන් ඉවත් කරන ලෙස පාපන්දු නිවසෙන් ලිපියක් යොමුවී ඇති බවද තතු දන්නෝ පවසති.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00