2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

සුජිත් කුමාර විජේවන්තට අමෙරිකා කරාතේ ශූරතාවක්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

අ‍ෙමරිකාවේ නිව්යෝක් නුවර පැවති කංකුඩායි ෆ්‍රීඩම් ටුවර් කරාතේ තරගාවලියේ ශුරතාවය මෙවර ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. මෙරට කරාතේ උපදේශකවරයකු, විනිශ්චයකරුකු හා පුහුණුකරුවකු වන සුජිත් කුමාර විජේවන්ත මහතා මෙම ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. 

රටවල් 64ක සහභාගිත්වයෙන් යුතු මෙම තරගයට යුරෝපයේ මෙන්ම ආසියාවේ ප්‍රධාන රටවල් කීපයක් ද සහභාගි විය. ඇමරිකාව, රුසියාව, එංගලන්තය, ඉතාලිය, ජපානය ඒ අතර වේ. මෙම සියලු රටවල් අතරින් තරගයේ ශූරතාවය ශ්‍රී ලංකාවේ සුජිත් කුමාර විජේවන්ත විසින් ලබාගැනීම මෙරට කරාතේ ක්‍රීඩාව ලැබූ ඉමහත් ජයග්‍රහණයකි. සුජිත් කුමාර ශූරතාව ලබාගත් අවස්ථාවයි මේ.